-4.8 C
New York

අනතුරට ලක්වූ ගිලන්රථයේ සේවකයකුට කොරෝනා

Published:

ගිලන්රථයක් අනතුරට ලක්වී රෝහල්ගත කළ සෞඛ්‍ය සේවකයකුට කොරෝනා ආසාදිතයකු බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

හක්මන වලස්මුල්ල ප්‍රධාන මාර්ගයේ දෙනගම ප්‍රදේශයේ දී අද (25) අළුයම මෙම අනතුර සිදුව ඇත. අනතුරට ලක්ව ඇත්තේ වලස්මුල්ල මූලික රෝහලේ ගිලන්රථයකි. අනතුර සිදුවන අවස්ථාවේ දී එහි සෞඛ්‍ය සේවකයන් 04 දෙනකු සිටි බව ද පොලිසිය පවසයි.

කරාපිටිය ශික්ෂණ රෝහලට රෝගීන් රැගෙන ගොස් භාර දී ආපසු එමින් සිටිය දී අළුයම 1.30ට පමණ තාප්පයක වැදීමෙන් මෙම අනතුර සිදුව තිබිණි.

තුවාල ලැබූ සෞඛ්‍ය සේවකයන් සඳහා කරන ලද ඇන්ටිජන් පරීක්ෂණයකින් එක් අයකු කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇත. බරපතල තත්ත්වයෙන් පසුවන එක් සේවකයෙක් මාතර මහ රෝහලට මාරුකර යැවීමෙන් පසු ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට යවා ඇත.

Related articles

Recent articles

spot_img