-4.8 C
New York

ඇමෙරිකාවේ නිවාස සංකීර්ණයක් කඩා වැටී 100ක් අතුරුදන්

Published:

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ මයාමි නගරයේ ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටීමෙන් 100ක පමණ පිරිසක් අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

1980 වර්ෂයේ දි ඉදිකරන ලද මහල් ‍12කින් යුතු මෙය නිවාස සංකීර්ණයකි. විදෙස් මාධ්‍ය පවසන්නේ එහි නිවාස 130ක් පමණ විනාශ වී ඇති බවයි. නිවාස 80ක් පමණ පදිංචිකරුවන් සිටි බව ද වාර්තා වේ.

සුන්බුන් අතර සිර වී සිටි 35 දෙනකු බේරාගත් බවත් මියගිය එක් පුද්ගලයකුගේ සිරුරක් සොයාගත් බවත් ගලවාගැනීමේ කණ්ඩායම් පවසයි.

Related articles

Recent articles

spot_img