-2.1 C
New York

බැසිල් වාර්තාවක් පිහිටුවමින් මුදල් ඇමතිධුරයට පත්වෙයි ද ?

Published:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ලබන මස 06 වැනි දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දී මුදල් අමාත්‍යවරයා ලෙස පත්වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඔහුට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආචාර්ය රංජිත් බණ්ඩාර ඉල්ලා අස්වීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඉදිරියේ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස ද දිවුරුම් දීමට නියමිතය. මේ වනවිට මුදල්, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යධූරය අගමැති මහින්ද රාජපක්ෂ විසින් දරනු ලබයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ද්විත්ව පුරවැසියන්ට මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව අහිමිවූ අතර 20 වැනි සංශෝධනයෙන් එම අවහිරය ඉවත් කෙරිණි. ඒ අනුව බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යධූරයේ දිව්රුම් දෙන්නේ නම් ඔහු ඇමෙරිකානු පුරවැසිභාවය ද සහිත මෙරට ප්‍රථම මුදල් අමාත්‍යවරයා වනු ඇත. මෙතෙක් කිසිදු ද්විත්ව පුරවැසියෙක් මෙරට මුදල් අමාත්‍යධූරයට පත්ව සිටියේ නැත.

යහපාලන රජය කාලයේ මහ බැංකු අධිපතිවරයාව සිටි අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරු පුරවැසිභාවය සහිත පුද්ගලයෙකි.

Related articles

Recent articles

spot_img