-5.9 C
New York

දුමින්දට සමාව දුන්නේ කෙසේද කියා නීතිඥ සංගමය ජනාධිපතිගෙන් විමසයි

Published:

ඝාතන සිද්දියකට වරදකරු වීමෙන් බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීමේ දී නියමිත ක්‍රියාදාම අනුගනය කළේ ද යන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්න කර සිටියි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූ දුමින්ද සිල්වා ඇතුළු පිරිසක් 2016 සැප්තැම්බර් මාසයේ දී බන්ධනාගාර ගත කෙරිණි.

ඝාතන සිද්ධියකට වරදකරුවකු වූ පුද්ගලයෙකුට සමාව දිමේ දී එම නඩු විභාගයේ විනිසුරුවරු, නීතිපති සහ අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශ කැඳවිය යුතු බව ද නීතිඥ සංගමය පෙන්වාදෙයි.

එමෙන් ම, ජනාධිපති සමාව සඳහා දුමින්ද සිල්වා තෝරාගත් පදනම, ඔහුට සමාව දීමට විශේෂයෙන් බලපෑ හේතු සහ කරුණු  පිළිබඳ මහනජතාව දැනුම්වත් විය යුතු බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

Related articles

Recent articles

spot_img