-5.9 C
New York

මවට වෙඩි තබා දරුවා කපා ඝාතනය කර, පැලට ගිනිතබා සැඟවීමට ගත් උත්සාහය වරදී

Published:

විදුලිසැර වැදී පිළිස්සී මියගිය බව පැවසූ මවගේ සහ පුතාගේ මරණය ඝාතනයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වී තිබේ.

හබරණ කිතුල්උතුවේ කුඹුරක පැල් රකිමින් සිටිය දී මෙම මව සහා පුතා පිළිස්සී මියගොස් තිබූ අතර පුතාගේ පාඩම් කටයුතු සඳහා අනවසරයෙන් පැලට විදුලියරැහැනක් ඇද තිබූ බැවින් එයින් විදුලිය වැදී පැලට ද ගිනි ඇවිළී මේ දෙදෙනා මියයන්නට ඇතැයි පොලිසිය සැකකළේය.

සිරුරු සම්බන්ධයෙන් කරන ලද ‍පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ මවට වෙඩි තබා 13 හැවිරිදි දරුවාට තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

එම අනාවරණය අනුව සිදුකළ පොලිස් පරීක්ෂණවල දී සැකපිට තරුණයකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ද පොලිස් භාරයට ගෙන තිබේ. පසුගිය 20 වැනි දා අලුයම මෙම ඝාතනය සිදුව ඇත.

Related articles

Recent articles

spot_img