-4.8 C
New York

බැසිල් යළි පැමිණෙයි

Published:

ඇමෙරිකාවේ සංචාරයක් සඳහා ගොස් සිටි බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ අද (24) උදෑසන එමිරේට්ස් ගුවන් සේවයේ EK-650 දරණ යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණියහ.

ඔවුන් දෙදෙනා පැමිණි යානයේ අමාත්‍ය මහින්ද සමරසිංහ ද පැමිණි බව ගුවන්තොටුපොළ ආරංචිමාර්ග සඳහන් කරයි.

විදේශ රටක සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් නිරෝධායනය විය යුතු ක්‍රමවේදය වරින්වර වෙනස් කරනු ලැබූ අතර මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය වන්නේ එන්නත් දෙකම ලබාගත් පුද්ගලයකු වුව ද ශ්‍රී ලංකාවට පැමිණ කරනු ලබන PCR පරීක්ෂණයකින් ඔහු කොරෝනා ආසාදිත නැතැයි තහවුරු වුව ද දින 14ක් නිරෝධායනය අනිවාර්ය බවයි.

කොරෝනා ‍වයිරසයේ වෙනස් ප්‍රභේද ශ්‍ර්‍රී ලංකාවේ ව්‍යාප්තවීම වැළැක්වීමට මෙම තීරණය ගෙන තිබේ.

Related articles

Recent articles

spot_img