-5.9 C
New York

කොටස් වෙළෙඳ පොළ ස්ථාවර වෙයි

Published:

කොළඹ ‍කොටස් වෙළෙඳ පොළ අද (23) දිනයේ සියලු ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 1.5කින් පහළ ගිය අතර දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 7738ක් බවට පත්විය.

පෙරවරු 11.00ට කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු ආරම්භවීමෙන් පසු  මුල් කාල සීමාව තුළ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 105කින් පමණ පහළ ගිය අතර පසුව නැවතත් සමස්ත කොටස් මිල දර්ශකය ඉහළ යාම ආරම්භවිය.

දිනයේ වැඩි වශයෙන් ගනුදෙනු වූ කොටස් අතර එක්ස්පෝ ලංකා සමාගම මිලියන 139යි, කොමර්ෂල් බැංකුව මිලියන 125යි, LOLC සමාගම මිලියන 104යි වශයෙන් දක්නට ලැබිණි.

දිනයේ වැඩි වශයෙන් සක්‍රීයව ගනුදෙනු වූ කොටස් අතර AMS සමාගම, එක්ස්පෝ ලංකා සමාගම සහ රෝයල් සෙරමික් සමාගම ප්‍රධාන වශයෙන් කැපී පෙණිනි.

දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.6කි. විදේශ ආයෝජකයන් විසින් අද දිනයේ මිල දී ගත් කොටස් අතර ලංකා ටයිල් සමාගම රුපියල් මිලියන 15යි, ලංකා වෝල් ටයිල් සමාගම රුපියල් මිලියන 09යි, සහ ලයන් බෲවරි සමාගම රුපියල් මිලියන 07ක් ලෙස කැපී පෙණුනු අතර විදේශීය ආයෝජකයන්ගේ සමස්ත මිල දී ගැනීම් සිදුවූයේ රුපියල් මිලියන 50කි.

විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 80ක කොටස් විකුණනු ලැබීය. එ් අනුව ඩිප්ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 29ක්, පීපල්ස් ලීසිං සමාගම රුපියල් මිලියන 13ක්, හේකාබ් සමාගම රුපියල් මිලියන 10ක් ලෙස සටහන් විය.

Related articles

Recent articles

spot_img