-4.8 C
New York

ගාල්ල නගරය ආසන්නයේ කසිප්පු තිප්පොළක් වටලයි

Published:

ගාල්ලේ මහමෝදර වැල්මුරුංග කලපුව ආශ්‍රිතව ක්‍රියාත්මක වූ මහා පරිමාන කසිප්පු ජාවාරමක් වටලා සැකකරුවකු අත්අඩංගුවට ගත් බව ගාල්ල‍ පොලිසිය පවසයි.

ගාල්ල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වාගේ උපදෙස් පරිදි විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ එකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීමසිදුකර තිබිණි.

එහි දී කසිප්පු ලීටර 320ක්, බැරල් 08ක්, තඹ දඟර 04ක්, ගෑස් සිලින්ඩර 02ක් සහ ගෑස් ලිප් 02ක්, ලීටර 45 ප්ලාස්ටික් බුලි 08ක් ඇතුළු ද්‍රව්‍ය තොගයක් ද අත්අඩංගුවට ගෙන තිබිණි.

පොලිසිය පවසන්නේ මෙම කසිප්පු ජාවාරම කාලයක සිට හොර රහසේ ම පවත්වාගෙන ආ බවට තොරතුරු තිබෙන බවයි.

Related articles

Recent articles

spot_img