-5.9 C
New York

ගාල්ල‍ේ නිවෙස්වලම මියගිය 05කට කොරෝනා ආසාදිත බව පසුව හෙළිවෙයි

Published:

ගාල්ලේ නිවෙස්වල සිටිය දී ම ඊයේ (21) මියගිය පුද්ගලයන් 05 දෙනකු කොරෝනා ආසාදිතයන් බව කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කරන එම මළ සිරුරුවලින් කරල ලද පීසීආර් පරීක්ෂණවලින් අද (22) තහවුරු වී තිබේ.

මෙලෙස මියගොස් ඇති අය අතර නිවෙස්වල එක්තැන් වී ඇවිදගැනීමටවත් නොහැකිව සිටි 99 හැවිරිදි යක්කලමුල්ලේ පදිංචි පිරිමි පුද්ගලයකු සහ අක්මීමණ පදිංචි 98 හැවිරිදි කාන්තාවක් ද සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.

එම දෙදෙනාට අමතරව මියගොස් ඇති අනෙක් පුද්ගලයන් අතර රත්ගම පදිංචි 74 හැවිරිදි කාන්තාවක්, බද්දේගම පදිංචි 73 හැවිරිදි කාන්තාවක්ක සහ ගාල්ල පදිංචි 78 හැවිරිදි කාන්තාවක් ද සිටින බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

ඒ අනුව නිවසේ දී ම මියගොස් පසුව කොරෝනා බව තහවුරු වූ එම 05 දෙනා අතරින් 04 දෙනෙක් ම කාන්තාවෝය.

මෙම මළ සිරුරු 05න් හතරක් දඩල්ල, බද්‍දේගම, අක්මීමණ කුරුඳුවත්ත හා නාකියාදෙණිය ආදාහනාගරවල දී ආදාහනය කරන ලදී.

Related articles

Recent articles

spot_img