spot_img
spot_imgspot_img

කොළඹ කොටස් වෙළෙඳ පොළ ක්‍රමයෙන් ඉහළට

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) සියලු ගනුදෙනු අවසානයේ ඒකකය 16.9ක් ඉහළට ගිය අතර සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 7734ක් බවට පත්විය. දිනයේ වැඩි වශයෙන්  ගනුදෙනු වූ කොටස් අතර එක්ස්පෝ ලංකා රුපියල් මිලියන 247ක්, බුකීස්දාරා සමාගම රුපියල් මිලියන 157ක්, LOLC සමාගම රුපියල් මිලියන 146ක් වශයෙන් දක්නට ලැබිණි.

දිනයේ වැඩි වශයෙන් සක්‍රීයව ගනුදෙනු වූ කොටස් හිමි සමාගම් අතර ඒඑම්එස් සමාගම, බුකීස්දාරා, එක්ස්පෝ ලංකා කැපී පෙණිනි.

අද දිනයේ විදේශ ආයෝජකයන්ගේ කොටස් මිල දී ගැනීම් රුපියල් මිලයන 07ක් වූ අතර ඒ අනුව මිලදී ගත් සමාගම් වශයෙන් හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව සහ වින්ෆෝස් සමාගම මූලික වූ අතර විදේශ ආයෝජකයන්ගේ මුළු කොටස් විකිණීම් රුපියල් මිලියන 241කි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම් වශයෙන් බුකීස්දාරා සමාගම රුපියල් මිලියන 84යි, ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලයන 49යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලයන 29ක් වශයෙන් දැක්විණි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ 2021 වර්ෂයේ වැඩි වශයෙන් වර්ධනය වූ කොටස් වෙළෙඳ පොළවල් අතරින් දෙවැනි ස්ථානය දිනාගෙන තිබෙන අතර සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 8000 ඉක්මවීම කෙටි කාලයක් තුළ සිදුවිය හැකි බවට විශ්ලේෂකයෝ කියති.

කොළඹ කොටස් වෙළෙඳ පොළේ වර්ධනය සඳහා මූලික වශයෙන් බලපා ඇති කරුණු අතර ස්ථාවර තැන්පතු සඳහා ලබාදෙන පොලී අනුපාතිකයන් දිගින් දිගටම අඩුවීම, සංචරණ සීමා කාලසීමාවේ කිසිදු බිඳවැටීමකින් තොරව ක්‍රියාත්මක වීම, කොටස් වෙළෙඳ ‍පොළ මගින් ලබන ලාභ ආදායම් බදුවලින් නිදහස් වීම. අධික වශයෙන් ලාභ ලබන සමාගම් වැඩි වශයෙන් ලාභාංශ ගෙවීම යන කරුණු මූලික වේ.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!