රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ල සළකා බැලූ කොළඹ දිසා අධිකරණය ඒ සම්න්ධයෙන් තීරණයක් දැනුම්දීම ජූලි මස 05 වැනි දිනට කල් තබමින් එතෙක් දැනට පවතින විධායක කමිටුවේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අනුමැතිය ලබාදුන්නේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්වරුන් පිරිසක් විසින් පෙත්සමක් ඉදිරිපත් කරමින් ඉල්ලා තිබුණේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ලබන 26 වැනි දිනට පැවැත්වීමට නියමිත නිලවණය පැවැත්වීම අවලංගු කරන ලෙසයි. එමෙන් ම දැනට පවතින විධායක කමිටුවට ඉදිරි වර්ෂයක් සඳහා බාධාවකින් තොරව කටයුතු කරගෙන යාමට අවසර දෙන ලෙස ද එම පෙත්සම මගින් ඉල්ලා තිබිණි.
පෙත්සම ඉදිරිපත් කරන ලද්දේ රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ ම සාමාජිකත්වය දරණ එමෙන්ම තනතුරු හොඹවන පූජිත මංජුල ද සොයිසා, හේමන්ත විජේරත්න බණ්ඩාර, මාලක උඩගමගේ, සුරංගික ජීවනාත් ජයවික්‍රම සහ අසංක ප්‍රගීත් චානක ජයවික්‍රම නමැති පිරිසක් විසිනි.
මෙම පෙත්සම ඒකපාර්ශිකව ඉදිරිපත්ව ඇතැයි පවසමින් මෙවර 2021/2022 රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ ලේකම් ධූරයට තරඟකරනු ලබන වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු අතරමැදි පාර්ශවකරුවකු ලෙස ඉදිරිපත්වීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.
2021/2021 නිලවරණ්‍ය ලබන 26 වැනි ද පැවැත්විමට නියමිතව තිබූ අතර රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ ව්‍යවස්ථාවට අනුව දැනට සිටින විධායක කමිටුවේ නිල කාලය ද ජුනි මස 30 වැනි දිනයෙන් අවසන් වේ.
කෙසේ වෙතත් අධිකරණයේ දී ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා අදාල නිලවරණය ලබන 26 වැනි දා නොපැවැත්වීමටත් දැනට සිටින විධායක කමිටුවට සති දෙකක කාලයක් එනම් ලබන 05 වැනි දා දක්වා බාධාවකින් තොරව කටයුතු කරගෙන යාමටත අවසර දෙමින් නියෝග නිකුත් කළේය.