ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය මගින් පසුගිය සෙනසුරාදා (19) ගාල්ලේ දරුවන් සඳහා ලබාදුන් එන්නත්වල ගුණාත්මක භාවයේ ගැටලුවක් ඇතැයි එම කාර්යාලයේ සෞඛ්‍ය සේවකයෝ චෝදනා කරති.
මෙම එන්නත් ශීතකරණයක ගබඩාකර තබන අතර එන්නත්වල ගුණාත්මක භාවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ශීත දාමය නිසිපරිදි පවත්වාගෙන යා යුතු වේ. ශීතකරණයක ගබඩාකරනු ලබන එන්නත් නිසි උෂණත්වයේ පවතින්නේ ද යන්න පිළිබඳ තහවුරු කරගැනීම සඳහා ඒ ඒ එන්නත් ගබාඩාකරන විට ශීතකරණයේ විශේෂ උෂ්ණත්වමානයක් තබනු ලබයි. නිරන්තරව එය පරීක්ෂා කරමින් ශීත දාමය නිසි ලෙස පවතින්නේ ද යන්න තහවුරුකර ගැනීමට හැකියාව තිබේ. සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2-8ක් අතර පවත්වාගෙන යා යුතුය.
එමෙන්ම ශීත දාමය නිරීක්ෂණය කිරීම සඳහා එවැනිම ස්ටිකරයක් ඇතැම් එන්නත් කුප්පිවල ද තිබේ. එහි වර්ණ වෙනස්වීම අනුව ශීත දාමය නිසි ලෙස පවතින්නේ ද යන්න තහවුරු කරගැනීමට හැකිවේ.
කරාපිටිය ශික්ෂණ රෝහලේ නිල නිවසක පවත්වාගෙන යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවක සේවිකාවන් පවසන්නේ පසුගිය සෙනසුරාදා එහි පැමිණි දරුවන්ට එන්නත් කිරීම සඳහා එන්නත් ලබාගන්නා විට එ්වායේ ශීත දාමය නිසිපරිදි නොතිබූ බවයි. එවිට එම එන්නත් ගුණාත්මක බවින් තොර බවත් එන්නත් කිරීමෙන් නිසි ප්‍රතිඵලය අත්වීමට ඉඩක් නොමැති බවත් සෞඛ්‍ය සේවකයෝ පෙන්වා දෙති.
මේ පිළිබඳ වෛද්‍යවරුන්ට කීව ද එම එන්නත්වලට කරන්නට දෙයක් නැතැයි පවසමින් ඔවුන් එදින දරුවන්ට එන්නත් කිරීම සිදුකර ඇත.
ගාල්ල නගර සභා ගොඩනැගිල්ලේ තිබූ සෞඛ්‍ය අංශය ඉවත් නොකරන ලෙසට සභාවේ යෝජනාවක් පවා තිබිය දී වෛද්‍යවරුන්ගේ හිතුමතයට එය ඉවත්කර ගැණිනි. මහ නගර සභාවේ සෞඛ්‍ය කාර්යාලයේ මෙම එන්නත් ගබඩාකර තිබෙන ශීතකරණවලට විදුලි සැපයුම නැතිවුව ද විදුලි ජනන යන්ත්‍ර මගින් විදුලිය අඛණ්ඩව පවත්වාගෙන යාම සිදුකෙරිණි. නමුත් වෛද්‍යවරුන්ගේ වුවමනාව මත කරාපිටිය ශික්ෂණ රෝහලේ නිල නිවාසයකට එම අංශය රැගන ආ පසු එම ස්ථානයට විදුලි ජනක යන්ත්‍ර නැත.
මෙම එන්නත්වල ශීත දාමය කැඩී ඇතිබව දැන දැනත් එන්නත් කිරීමෙන් පසු එදින සවස ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා එහි පැමිණ කාර්යාලයේ ශීතකරණයේ තිබූ ශීත දාමය කැඩී ගිය එන්නත් තොගයක් වෙනත් ශීත පෙට්ටියක දමාගෙන ගොස් තිබේ.
ශීත දාමයේ ගැටලුවක් ඇතිවුවහොත් වහාම එම එන්නත් නිසි උෂ්ණත්වයක තැබීමට සෞඛ්‍ය අංශ කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වේ. වෛද්‍යවරයා විසින් එන්නත් වෙනත් ස්ථානයකට රැගෙන යන්නට ඇත්තේ ඒ අනුව විය යුතුයි.
මේ පිළිබඳ ගාල්ල මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රනිල් වික්‍රමසේකරගෙන් විමසූ විට ඔහු කියා සිටියේ එන්නත්වල ගැටලුවක් මතුව තිබේ ද යන්න තමන් සොයාබලන බවයි.
Yes he do all things for drop down this government.