-5.9 C
New York

කොටස් වෙළෙඳ පොළ ක්‍රමයෙන් ඉහළට

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (21) සමස්ත මිල දර්ශකය ඒකක 11කින් ඉහළ ගිය අතර දිනයේ සියලු ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය 7726ක් බවට පත්විය.

දිනයේ සමස්ත ගනුදෙනුවල සම්පූර්ණ පිරිවැටුම, රුපියල් බිලියන 1.9ක් විය. අද දිනයේ වැඩි වශයෙන් ගනුදෙනු වූ කොටස් අතර නෙස්ලේ ලංකා සමාගම රුපියල් මිලියන 257ක්, LOLC සමාගම රුපියල් මිලියන 148ක්, අලියාන්ස් ඉන්ෂුවරන්ස් සමාගම රුපියල් මිලියන 140ක් ලෙස දැක්විය හැකිය.

දිනයේ විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලයන 37ක කොටස් මිල දී ගත් අතර විදේශ ආයෝජකයන්ගේ සම්පූර්ණ විකුණුම් රුපියල් මිලියන 99ක් ලෙස සටහන් විය. ඒ අනුව සමස්තයක් ලෙස රුපියල් මිලයන 62ක මුදලක් විදේශ ආයෝජකයන් විසින් කොළඹ කෙටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන ඇත.

නෙස්ලේ ලංකා සමාගමේ වැඩිපුර කොටස් මිල දී ගැනීම සඳහා විදේශීය ආයෝජකයන් වැඩි වශයෙන් උනන්දු වී ඇති අතර එක්ස්පෝ ලංකා සමාගම අතරමැදි ලාභාංශයක් ලෙස කොටසක් සඳහා රුපියල් 1.17ක් ද CDB සමාගම එක් කොටසක් අවසාන ලාභාංශ ලෙස රුපියල් 7.50ක් ද ගෙවීම සඳහා තීරණය කර ඇත.

(විශ්ලේෂණය නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

spot_img