මියගොස් වෙරළට ගොඩගසා ඇති කැසැබූවුන් මියගොස් ඇත්තේ මුහුදු ජලයමත ඇති තෙල් තට්ටු හේතුවෙන් හුස්ම ගැනීමට නොහැකිවීමෙන් යැයි අමාත්‍ය සී.බී.රත්නායක ලංකාදීප පුවත්පත හා පවසා තිබේ.
වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මියගොස් සිටිය දී මුළින්ම සොයා ගත් කැස්බෑ මළසිරුරු කිහිපයක් සම්බන්ධයෙන් කරන ලද විමසීමක දී ය. අමාත්‍යවරයා පවසන්නේ කැස්බෑ මළ සිරුරු සමබන්ධයෙන් කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණවලින් ඒ බව තහවුරු වී ඇති බවයි.
මේ වනවිට කැස්බෑ සිරුරු 70ක් පමණ ශ්‍රී ලංකාව අවට මුහුදු වෙරළෙන් හමුවී තිබේ. එම මළ සිරුරු සම්බන්ධයෙන් හෙළිවන තොරතුරු මත වැඩිදුර පරීක්ෂාකිරීම් සඳහා වනජීවී ආමාත්‍යාංශය කටයුතු කරන බව ද සී.බී.රත්නායක අමාත්‍යවරයා සඳහන් කළේය.
සියළු සමුද්‍ර ජීවීන් වනජීවී අමාත්‍යාංශයට අයත් බවත් මෙරට පර්යේෂණාගාර එම පරීක්ෂණ සඳහා ප්‍රමාණවත් නොවන්නේ නම් මියගිය කැසැබෑවන්ගේ සිරුරු කොටස් සිංගප්පූරුවේ පර්යේෂණාගාරයකට යැවීමට සූදානම්කර ඇති බවත් අමාත්‍යවරයා කීවේය.