-5.9 C
New York

ඉන්දියාවෙන් ගෙනා සැක සහිත කාබනික පොහොර තොගයක් රේගුවේ

Published:

ඉන්දියාවේ සිට ආනයනය කළ ප්‍රශ්නගත කාබනික පොහොර සහිත කන්ටේනර් තුනක් රේගුවේ රඳවාගෙන තිබේ. තමිල්නාඩුවේ මදුරේහි පිහිටි ලියාපදංචි නොකළ සමාගමකින් මේ කාබනික පොහොර තොගය ආනයනය කර ඇත.

රේගුව පවසන්නේ අඩි 40 කන්ටේනර් තුනක බහා ආනයනය කර ඇති මේ කාබනික පොහොර ආනයනකරුගේ ලිපිනය සැකසහිත බවයි. පොහොර කිලෝ 77,881.41ක්  කොළඹ 12 ප්‍රදේශයේ සමාගමකින් ගෙන්වා දැනට ඔරුගොඩවත්ත කන්ටේනර් පර්යන්තයක තබා තිබේ.

‍එම කාබනික පොහොර තොගය ආනයනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කිසිදු බලපත්‍රයක් ඉදිරිපත් කර නොමැති බවත් ශාක නිරෝධායන නීතියට අනුව මෙම පොහොර තොගයේ සාම්බල රැගෙන පරීක්ෂාකර නැති බවත් ශ්‍රී ලංකා රේගුවේ ප්‍රකාශකයකු කීවේය.

1999 වර්ෂයේ ශාක ආරක්ෂණ පනත මගින් ශ්‍රී ලංකාවට ක්ෂුද්‍ර ජීවීන් සහ විවිධ දිලීර වර්ග ඇතුළුවීම වැළැක්වීම සඳහා කාබනික පොහොර ආනයනය තහනම් කර තිබේ.

Related articles

Recent articles

spot_img