සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ ගාල්ල නගරය විශාල ජනකායකනේ පිරී ඇති අතර දැඩි වාහන තදබදයක් ද නගරය පුරාම දක්නට ලැබිණි.
සියලුම ව්‍යාපාරික ස්ථාන විවෘතව පැවතිණි. මේ අතර රාජ්‍ය බැංකු, පුද්ගලික බැංකු, වෙනත් මූල්‍ය ආයතන හා උකස් මධ්‍යස්ථානවල ද දිගු පෝළිම් දක්නට ලැබිණි. එමෙන්ම දුරකථන සමාගම් කාර්යාලවල, දුරකථන සේවා සපයන ආයතන සහ පරිගණක අලුත්වැඩියා මධ්‍යස්ථාන හා විකුණුම් ස්ථානවල ද විශාල වශයෙන් පිරිස් රැස්ව සිටිනු දක්නට ලැබිණි.
ආහාර ද්‍රව්‍ය මිල දී ගන්නා බලාපොරොත්තුවෙන් වෙළෙඳ සැල්වල ද විශාල පිරිසක් රැස්ව සිටියහ.

