-5.9 C
New York

ගාල්ලේ සරුංගල් යැවිල්ලෙන් ළමයි අතරට කොරෝනා යයි දැයි සැකයක් ?

Published:

සංචරණ සීමා තිබිය දී ගාල්ල මාගාල්ලේ කච්චිවත්ත විහාරස්ථානයේ රථ ගාලේ දිනපතා සරුංගල් යැවීම ඇතුළු ක්‍රීඩාවන්හි නිරතව සිටි දරුවකු කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ගාල්ල දෙවට ප්‍රදේශයේ කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඔහු ආසාදිත බව තහවුරු වී තිබේ. මෙම දරුවා ප්‍රදේශයේ දරුවන් තවත් විශාල පිරිසක් සමඟ දිනපතාම මෙම රථගාලට පැමිණ විවිධ ක්‍රීඩාවන්හි සහ සරුංගල් යැවීමේ නිරතවන බව ද සෞඛ්‍ය අංශ වෙත අනාවරණය වී තිබේ.

අද එම ස්ථානයට පොලිසියේ නිලධාරීන් කිහිප දෙනකු යනවිටත් ළමයින් විශාල ප්‍රමාණයක් සහ වැඩිහිටියන් ද එම රථගාලට පැමිණ සරුංගල් යැවීම් ඇතුළු ක්‍රීඩාවන්හි නිරතව සිට තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම සියලු දෙනා නිරෝධායනයට යොමුකර පසුව පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකිරීමට කටයුතු කරන බවයි

Related articles

Recent articles

spot_img