spot_img
spot_imgspot_img

ජපන් සමාගමක් ශ්‍රී ලංකාවෙන් බිලියන 5.8ක් වන්දි ඉල්ලයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ කොළඹ නගර කේන්ද්‍ර කරගනිමින් ඉදිකරමින් පැවති සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (Light Rail Transit Project) අතරමඟ නවතා දැමීම හේතුවෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 5,896ක් ජපන් සමාගමකට ගෙවීමට සිදුව ඇතැයි https://economynext.com/ වෙබ් අඩවිය වාර්තා කරයි.

ජපානය විසින් අරමුදල් සපයන ලද මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ සිදුවූ දේශපාලන පෙරැළියත් සමඟ 2020 වර්ෂයේ දී නතර කරන ලදී. ඒ වනවිටත් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ආරම්භකර තිබූ අතර එය ම‍තභේදාත්මක විය.

ජපාන ජාත්‍යන්ත සහයෝගීතා ඒජන්සිය (JICA) ව්‍යාපෘතියක් සිදුකිරීමට පෙර සවිස්තරාත්මක ශක්‍යතා අධ්‍යයනයක් කරන අතර මීට පෙර ශ්‍රී ලංකාවේ වරාය ඇතුළු ව්‍යාපෘති ගණනාවක් ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කර තිබිණි.

2020 දී මෙම සැහැල්ලු දුම්රිය ව්‍යපෘතිය අවලංගුකරන විට උපදේශන කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක වෙමින් තිබුනු අතර ඇතැම් ප්‍රදානයන් ද සිදුකර තිබිණි.

මෙම ප්‍රතිපත්තිමය තීරණය ගැනීමෙන් පසු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය හා සම්බන්ධ ණය ගිවිසුම් 2019011 අවලංගු කරමින් උපදේශන කොන්ත්‍රාත්තුව නතර කර දැමූ බව ශ්‍රී ලංකා විගණකාධිපතිවරයා පවසයි.

මේ අනුව ආදාළ උපදේශන සමාගම ඔවුන්ට සිදුව ඇති අලාභය සඳහා රුපියල් මිලියන 5,896ක් හෙවත් බිලියන 5.89ක් ඉල්ලා තිබේ.

කෙසේ වෙතත් මෙම කරුණු රජයේ මූල්‍ය ප්‍රකාශනවලින් අනාවරණය වී නැත.

ජපාන රජයේ සහාය ඇතිව ශ්‍රී ලංකා රජය සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබිණි. මෙම ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.8ක ණයක් ලබාදීමට ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (JICA) එකඟ වී තිබිණි.

එම ණය ආපසු ගෙවීමේ කාලය වසර 40ක් වූ අතර සහන කාලය අවුරුදු 12කි.

මෙහි පළමු අදියර සඳහා කොළඹ කොටුව සහ මාළඹේ අතර කිලෝ මීටර 15.8ක දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට කටයුතු යොදා තිබුණි. සම්පූර්ණයෙන් ම විදුලියෙන් ක්‍රියාත්මක වන මෙම දුම්රිය පොළවේ සිට මීටර 06ක උසකින් ඉදිකිරීමට කටයුතු යෙදා තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!