-5.9 C
New York

කොළඹින් හමුවූ ඉන්දීය කොරෝනා ප්‍රභේදය රටපුරා පැතිරීමේ අවදානමක් ?

Published:

කොළඹින් වාර්තා වී ඇති කොරෝනා ඉන්දියානු ප්‍රභේදය රටේ අනෙකුත් ප්‍රදේශවලට ද ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.

මීට ඉහත දී වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ජෛව සාම්පලවලින් ලබාගත් කොරෝනා වයිරස ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී වැඩිදුර පරීක්ෂාකර බැලීමේ දී ඉන්දියානු ප්‍රභේදය ද හමුවූ බව පළමුවරට අනාවරණය කරන ලද්දේ 17 වැනි දා ය.

එම වයිරස ප්‍රභේදය හමුවී ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේ 66 වත්ත නමින් හැඳින්වෙන ස්ථානයකිනි. විශාල ජනගහනයක් සහිත 66 වත්ත අඩු පහසුකම් සහ සීමිත ඉඩක් සහිත ප්‍රදේශයකි. එබැවින් ඔවුන් අතර මේ වයිරස ප්‍රභේදය ව්‍යාප්තවීමේ දැඩි ඉඩක් ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

එමෙන්ම මෙම වත්තේ ජීවත්වන පුද්ලයන් කොළඹ නගරයේ කම්කරු රැකියාවන්හි නිරතවීම, ත්‍රී රෝද රථ සේවා පවත්වාගෙන යන්නන් විශාල පිරිසක් සිටීම, යම් යම් ද්‍රව්‍ය වෙළඳාමෙන් ජීවත්වීම යන කරුණු හේතුවෙන් වයිරසය තදාසන්න ප්‍රදේශවලට ද පැතිරීමේ වැඩි ඉඩක් තිබෙන බව ඔවුහු පෙන්වාදෙති. මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වූ පිරිසක් ද මෙම ප්‍රදේශයේ ජීවත්වීම තත්ත්වය තවත් භයානක වීමට හේතුවකි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසන්නේ මේ පිළිබඳ ඉතා ඉක්මණින් දැඩි අවධානයක් යොමුකර දෙමටගොඩ ප්‍රදේශයේ සිට ඉන්දියානු ප්‍රභේදය රට පුරාම පැතිරයාම කඩිනමින් වැළැක්විය යුතු බවයි.

Related articles

Recent articles

spot_img