-5.9 C
New York

පොල් අළෙවියට පනවා තිබූ පාලන මිල ඉවතට

Published:

පොල් අළෙවි කිරීමේ දී පනවා තිබූ පාලන මිල ඉවත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

2020 සැප්තැම්බර් මස 25 වැනි දින අංක 2194/73 දරණ ගැසට් පත්‍රය මගින් වටප්‍රමාණය අඟල් 13ට වැඩි පොල් සඳහා රුපියල් 70.00ක උපරිම සිල්ල මිලක් ද , වට ප්‍රමාණය අඟල් 12-13ත් අතර පොල් සඳහා රුපියල් 65.00ක උපරිම සිල්ලර මිලක් ද, වටප්‍රමාණය අඟල් 12ට අඩු පොල් සඳහා රුපියල් 60.00ක උපරිම සිල්ලර මිලක් ද පනවමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබිණි.

පාරිභෝගික අධිකාරිය විසින් මෙම ගැසට් නිවේදනය බල රහිත කරමින් ඊයේ (18) අංක 2232/38 දරණ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Related articles

Recent articles

spot_img