මියගිය කැස්බෑවන්ගේ සිරුරු 20ක් පමණ තංගල්ල සහ රැකව අතර මුහුදේ පාවෙමින් පවතින බව ධීවරයන් පිරිසක් විසින් වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.
මෙම කැස්බෑවන්ගේ මළ සිරුරු මුහුදු රළ අනුව විවිධ දිශාවන්ට ගමන්කරන බවත් ඔවුන් දැනුම් දී ඇත. ඒවා සොයා මෙහෙයුමක් සිදුකිරීමට වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් කටයුතු කරමින් සිටියි.
කොළඹ වරාය ආසන්නයේ දී ගිනිගෙන විනාශ වූ x-Press Pearl නෞකාව ගිලීගිය පසු මේ දක්වා කැස්බෑ මළ සිරුරු 50කට වැඩි ප්‍රමාණයක් මෙරට වෙරළතීරයට ගොඩගසා තිබිණි.
පරිසරවේදීන් පවසන්නේ ඉතා විශාල දුරක් පර්යටනය කරන සත්ත්වයකු ලෙස සැළකෙන කැස්බෑවන් ඉන්දියාවේ දනුෂ්කොඩි ප්‍රදේශයේ සිට බිත්තර දැමීම සඳහා ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු වෙරළට පැමිණෙන්නේ එම නෞකාව ගිනිගත් ප්‍රදේශය ආසන්නයෙන් බවයි.
මෙලෙස කැස්බෑවන් විශාල වශයෙන් මියයාම සහ නැවේ විනාශය අතර සම්බන්ධයක් තිබේ ද යන්න මෙතෙක් තහවුරු වී නැතත් පරිසරවේදීන් පෙන්වා දෙන්නේ එහි සම්බන්ධයක් තිබිය හැකි බවයි.