-5.9 C
New York

කරාපිටිය රෝහල් අධ්‍යක්ෂගේ ක්‍රියාව මාධ්‍ය නිදහසට තර්ජනයක් බවට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් නිවේදනයක්

Published:

මූලාශ්‍ර හෙළිදරව් කරන ලෙස ඉල්ලමින් rata.lk වෙබ් අඩවියට ‍එරෙහිව කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් පොලිසියට පැමිණිලි කිරීම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත උල්ලංඝනය කිරීමක් සහ මාධ්‍ය නිදහසට තර්ජනයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

Rata.lk වෙබ් අඩවියේ අප විසින් පළ කරන ලද ලිපියක කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ට රාජකාරී පැවරීම සම්බන්ධ අභ්‍යන්තර ලේඛනයක් පළකර ඇතැයි ද එම ලිපිය ලැබුණු ආකාරය විමර්ශනනය කරන ලෙස ඉල්ලා වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා ගාල්ල මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබිණි. එම පැමිණිල්ලට අනුව පොලිසියෙන් කරන ලද කැඳවීමකට අපි එහි ගොස් ප්‍රකාශයක් ලබා දුන්නෙමු.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිය නිවේදනය මගින් පවසන්නේ මෙවැනි ව්‍යසන කාලයක අධිකාරීවාදී ප්‍රවේශයන්ගෙන් සිදුවන සියලු කාර්යයන් පිළිබඳ තොරතුරු දැනගැනීමට සැළැස්වීම පොදු යහපත සඳහා හේතුවන බව ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විශ්වාස කරන බවයි. යමක් පළ වූ පසු එයට පිළිතුරු දීමේ අයිතිය භාවිතා කිරීම වෙනුවට, මාධ්‍යවේදීණ් පොලිසියට කැඳවමින් බලපෑම් සිදුකර අදාල මූලාශ්‍ර දැන ගැනීමට උත්සාහ කිරීම සහ වාර්තාකරණයට බලපෑම් කිරීම මාධ්‍ය නිදහසට සහ පුරවැසියා සතු තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමට කළ බරපතල තර්ජනයක් ලෙස දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම ක්‍රියාවලිය දැඩි ලෙස හෙළා දකියි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් ලසන්ත ද සිල්වා සහ කැඳවුම්කරු සීතා රංජනී දෙදෙනාගේ අත්සනින් නිකුත් කරන ලද එම නිවේදනය සම්පූර්ණයෙන් ම පහත දක්වා ඇත.

Related articles

Recent articles

spot_img