-4.8 C
New York

සතුන් වත්තේ සිංහයකුට කොරෝනා. සතුන් හදිසියේම මියගියේ කොරෝනා හේතුවෙන් දැයි සැකයක්

Published:

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින තෝර් නමින් හඳුන්වන සිංහයාට කොරෝනා ආසාදනය වී ඇතැයි පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වී තිබේ.

මේ හේතුවෙන් සිංහ කූඩුව භාරව සිටි සේවකයන් තිදෙනකු නිරෝධායනයට යොමු කිරීමට ද කටයුතු කර තිබේ.

2012 වර්ෂයේ දී දකුණු කොරියාවෙන් මෙරටට ගෙනව්න ලද මෙම සත්ත්වයා දින කිහිපයක සිට කැස්ස සහ උණ රෝගයකින් පීඩා විඳීම හේතුවෙන් පීසීආර් පරීක්ෂණ සිදුකර තිබිණි.

සත්වෝද්‍යාන ආරංචිමාර්ග සඳහන් කරන්නේ මෙම සිංහයා අසනීප වූ දිනවල දී එහි සිටි සීබ්‍රා පැටවකු සහ හොඳින් හිපපොටේමස් සත්ත්වයකු ද හදිසියේම මියගොස් සිටි බවයි. ඔවුන් සඳහා පීසීආර් පරීක්ෂණ සිදුකර නැත.

කොරෝනා ආසාදනය වූ සිංහයා සිටින සිංහ දූපතේ ෂීනා නමැති සිංහ ධේනුවක් සහ තවත් සිංහයන් සිව් දෙනකු සිටිති.

Related articles

Recent articles

spot_img