ශ්‍රී ලංකාවට ඊසාන දිග මුහුදේ යාත්‍රා කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞඛාවක තෙල් කාන්දුවක් සිදුවෙමින් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය 16 වැනි දා කොළඹ වරායෙන් ගමන් ආරම්භකළ MV Devon නමැති මෙම නෞඛාව පෘතුගාලයේ ලියාපදිංචි කරන ලද්දකිය. එහි ඉන්ධන ටැංකියකට හානි සිදුවීම හේතුවෙන් මෙම තෙල් කාන්දුව සිදු වී ඇත.
ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය සඳහන් කර ඇත්තේ චෙන්නායි සිට නාවික සැතපුම් 250ක් ඈත මුහුදේ දී මෙම තෙල් කාන්දුව සිදුව ඇති බවයි. මෙම කාන්දුව හේතුවෙන් තෙල් ටොන් 10ක් පමණ මුහුදට කාන්දු වී ඇතැයි ද පැවසේ. තෙල් ටැංකියට හානිසිදුවිමත් සමඟ එහි තිබූ තෙල් වෙනත් ටැංකියකට මාරු කිරීමට නැවේ කාර්ය මණ්ඩලය කටයුතු කර තිබේ.
නැව මේ වනවිට ඉන්දියාවේ හල්දියා වරායට ළඟා වෙමින් පවතින බවත් ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය සඳහන් කරයි.
කෙසේවෙතත් හානි සිදු වූ ඉන්ධන ටැංකියේ ඉතිරි ඉන්ධන වෙනත් ටැංකියක් වෙත මාරු කිරීමට නෞකාවේ කාර්යය මණ්ඩලය පියවර ගෙන තිබේ.
මේ හේතුවෙන් නෞකාව නියමිත ගමනාත්තය වෙත ළඟාවෙමින් පවතින අතර පවතින තත්ත්වය පිළිබඳ අදාළ සියලු පාර්ශව විමසිල්ලෙන් පසුවන බව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය සඳහන් කර ඇත.