-5.9 C
New York

ළමයි අතර බෝවෙන තවත් ලෙඩක්

Published:

සුරතල් සතුන්ගෙන් බෝවන ටොක්සොකරියාසිස් යනුවෙන් හඳුන්වන වටපණු රෝගයක් ශ්‍රී ලංකාවේ දරුවන් අතර මේ දිනවල පැතිරෙමින් පවතින බව වෛද්‍යවරු කියති.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ ළමා අවෙද්‍ය දීපාල් පෙරේරා පවසන්නේ දරුවන් නිවසට වී පූසන් හා බල්ලන් සමඟ වැඩිපුර කාලය ගතකිරීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උදා වී ඇති බවයි. පූසන්ගේ සහ බල්ලන්ගේ සිරුරේ ජීවත්වන මෙම වටපණුවන් දරුවන්ගේ සිරුරට ඇතුළුවීමෙන් මුල් අවස්ථාවේ දී පණු ගෙඩි ඇති කරයි. පසුව එම වටපණුවන් ඇස්වලට, මොළයට හා පෙනහළුවලට ඇතුළුවීමෙන් බරපතල සංකූලතා ඇතිවන බවත් වෛද්‍ය දීපාල් පෙරේරා කීවේය.

මෙම රෝගයට ගොදුරු වූ දරුවන් පිරිසක් පසුගිය දින කිහිපයේ දී වාර්තා වී තිබේ. වෛද්‍යවරයා පවසන්නේ නිවෙස්වල සුරතලයට ඇතිකරන සතුන්ට පණු බෙහෙත් දීමෙන් මේ රෝගය පාලනය කරගත හැකි බවයි.

බළලුන්ගේ හා බල්ලන්ගේමළ මුත්‍රාවල වට පණුවාගේ බිත්තර තිබිය හැකියි. මේවා මිනිස් ශරීරයට ඇතුළු වූ විට ආසාදනය වෙයි.

වැඩි විස්තර සඳහා

https://www.cdc.gov/parasites/toxocariasis/gen_info/faqs.html

Related articles

Recent articles

spot_img