-5.9 C
New York

ඉන්දියාවට දැඩි බලපෑම් කළ කොරෝනා ප්‍රභේදය කොළඹින් හමුවෙයි

Published:

ඉන්දියාවේ වේගයෙන් පැතිරගිය කොවිඩ් 19 වයිරසයේ නව ප්‍රභේදයක් වන B 1.617.2 හෙවත් ඩෙල්ටා පභේදය ආසාදනය වූ පුද්ගයන් 05 දෙනකු කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විදයායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

මෙරට වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ජානමය අනුක්‍රමණ පරීක්ෂණවල දී මේ බව අනාවරණය වී ඇත. මොවුන් වාර්තා වී ඇත්තේ දෙමටගොඩ ආරාමය ප්‍රදේශයෙනි.

මිට අමතරව කොළඹ නගරසභා බලප්‍රදේශයේ කොළඹ 6,8 සහ 10 යන ප්‍රදේශවලින්ද, කරාපිටිය සහ මඩකලපුව ප්‍රදේශයේ සිදුකළ ජෛ සාම්පල් පරික්ෂණ මගින් ඇල්ෆා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් හඳුනා ගත් බව ද හෙතෙම වැඩිදුරටත් කීවේය.

Related articles

Recent articles

spot_img