-4.8 C
New York

හබරාදුවේ එන්නත් සොරකම් කර ඇතැයි පොලිසියට පැමිණිල්ලක්

Published:

සයිනොෆාම් එන්නත් මාත්‍රා 30ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්දව හබරාදුව සෞඛය වෛද්‍ය නිලධාරිවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව හබරාදුව පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකකරන හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්ත රියදුරකු සහ සුළු සේවකයකු පිළිබඳව මෙලෙස පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද පොලිසිය පවසයි.

හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රමෝද එම්. සිරිවර්ධන විසින් හබරාදුව පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන සිදුකරයි. සොරකම් කර ඇතැයි පැවසෙන සයිනොෆාම් එන්නත් තොගය රුපියල් 90,000ක් පමණ වටිනා බව වෛද්‍යවරයා විසින් පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.

පසුගියදා ගාල්ල උණවටුණේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සිදුවූ එන්නත් අවභාවිතාව සම්බන්ධයෙන් ද ගාල්ල කොට්ඨාස අපරාධ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විමර්ශනයක් කරගෙන යයි.

Related articles

Recent articles

spot_img