-4.8 C
New York

ගෑස් මිල වැඩිවෙන්නේ මෙහෙමයි

Published:

ගෑස් මිල වැඩිකිරීම සම්බ්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද (15) සවස 5.00ට වෙළෙඳ අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වේ.

මෙරට ගෘහස්ථ ගෑස් සපයන සමාගම් වූ ලි‍ට්‍‍රෝ සහ ලාෆ්ස් සමාගම් දෙකම කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 700.00 කින් වැඩිකරන ලෙස ඉල්ලා තිබේ. එසේ වුව ද පාරිභෝගික කටයුතු අධිකාරියේ යෝජනාව වී ඇත්තේ ගෑස් මිල රුපියල් 400.00කින් වැඩි කිරීම ප්‍රමාණවත් බවයි.

ලිට්‍රෝ සමාගම ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 580.00කින් ද ලාෆ්ස් සමාගම රුපියල් 540.00කින් ද වැඩි කිරීමට ඉල්ලා තිබුණ ද අමාත්‍යවරයා යෝජනා කර ඇත්තේ එය රුපියල් 700.00කින් වැඩි කළ යුතු බවයි.

ඉන්ධන මිල ඉහළයාමත් සමඟ මේ මිල ගණන් වෙනස් වී ඇති අතර ලාෆ්ස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය පවසන්නේ ගෑස් සිලින්ඩරයකින් රුපියල් 720.00ක පමණ පාඩුවක් ලබන බවයි.

රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ ඉතා ඉක්මණින් ගෑස් මිල වැඩිවීමට නියමිත බවයි.

Related articles

Recent articles

spot_img