-2.1 C
New York

තවත් කොරෝනා මරණ 57ක් වාර්තා කරයි

Published:

තවත් කොරෝනා මරණ 57ක් පිළිබඳ තොරතුරු අද (14) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක විසින් නිකුත් කර තිබේ. මෙම මරණ ඊයේ (13) දිනයේ සිදුවූ මරණ යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව ද ඒ පිළිබඳ නිකුත් කළ නිවේදනයේ දක්වා ඇත.

එම මරණ 57ත් සමඟ මෙරට වාර්තා කර ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2,260ක් දක්වා ඉහළ ගොස් තිබේ.

‍මියගොස් ඇති 57 දෙනා අතරින් 32ක් පිරිමි පුද්ලයන් වන අතර කාන්තාවන් 25 දෙනෙකි. මේ අතර වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයකු ද සිටින අතර වයස 30-59 ත් අතර පිරිමි පුද්ගයන් 06 දෙනෙක් කාන්තාවන් 05 දෙනෙක් සිටිති. වයස අවුරුදු 60 ඉක්මවූ පිරිමි පුද්ලයන් 25ක් හා කාන්තාවන් 20ක් ඊයේ (13)  දිනයේ දී කොරෝනා ආසාදිතව මියගොස් ඇති බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Related articles

Recent articles

spot_img