-5.9 C
New York

තෙල් මිල ඉහළ යද්දී කොටස් වෙළෙඳ පොළ පහළ බසී

Published:

ශ්‍රී ලංකා වෙළෙඳ පොළ තුළ ඛනිජ තෙල් මිල ඉහළයාමත් සමඟ අද දින (14) කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත ඒකක දර්ශකය ඒකක 28කින් පහළ වැටිණි.

දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය 7582ක් දක්වා පහත වැටී ඇත. දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.3කි. ඛනිජ තෙල් මිල යාම හේතුවෙන් අද දිනයේ ඉන්දියන් ඔයිල් සමාගමේ කොටස් ඉහළ යාමක් සිදු වූ අතර දිනයේ වැඩිපුර ගනු දෙනු වූ කොටස් අතර LOLC සමාගම රුපියල් මිලියන 156යි, හේලීස් සමාගම රුපියල් මිලියන 110යි, රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 104යි, ඉන්දියන් ඔයිල් සමාගම රුපියල් මිලියන 104යි ලෙස දක්නට ලැබිණි.

ඉන්දියන් ඔයිල් සමාගමේ කොටස් සියයට 12කින් ඉහළ යාම සිදුවිය. අද දිනයේ ද විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 103ක කොටස් විකුණූ අතර රුපියල් මිලියන 46ක කොටස් මිල දී ගන්නා ලදී. විදේශිකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර මෙල්ස්ටාක්‍රොප් සමාගම රුපියල් මිලියන 9.8යි, LOLC සමාගම රුපියල් මිලියන 9.1යි, හේමාස් හෝල්ඩින් සමාගම රුපියල් මිලියන 7.3යි, ලෙස දක්නට ලැබුණු අතර විදේශිකයන් කොටස් විකුණූ සමාගම් අතර පීපල්ස් ලීසිං සමාගම රුපියල් මිලියන 70ක්, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් රුපියල් මිලියන 6.2යි, වැලිබල් පවර් රුපියල් මිලියන 5.8යි හැඳින්විය හැකිය.

ඒ අනුව ශුද්ධ ගණනය කිරීමේ දී විදේශීය ආයෝජකයන් රුපියල් මිලියන 56ක මුදලක් කොළඹ කොටස් වෙ‍ළඳ පොළෙන් ඉවත්කරගෙන ඇත.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

spot_img