-4.8 C
New York

තෙල් මිල වැඩි කළේ ජනපති, අගමැති දැනුවත්ව යැයි ජනාධිපති මාධ්‍ය අංශය හේතු රැසක් ඉදිරිපත් කරයි

Published:

තෙල් මිල ඉහළ දැමුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධාන්තවයෙන්, අග්‍රාමාත්‍යවරයා සහ අදාළ විෂ්‍යභාර අමාත්‍යවරුන්ගේ ද සහභාගීත්වයෙන් පැවැති ජීවන වියදම් කමිටුව විසින් කරුණු ගණනාවක් පිළිබඳ අවධානය යොමුකිරීමෙන් බව ජනාධිපපති මාධ්‍ය අංශ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම මිල ගණන් වැඩිකිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන පොදු වැඩපිළිවෙලක එක් ප්‍රධාන සාධකයක් බව ද එම නිවේදනයේ සටහන් කර ඇත.

ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකන් ඩොලර් 70ක් දක්වා ඉහළ ගොස් තිබීමත් තවදුරටත් එය ඉහළයාමට ඇති ප්‍රවණතා ද සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ද එහි දැක්වේ. ඉන්ධන මිල ඉහළ දැමීමට අමතරව ආනයනික ඉන්ධන මත රඳා පවතින පරිභෝජන රටාව වෙනස් කිරීමට රජය විසින් යෝජනා රැසක් ක්‍රියාත්මක කිරීමට ද මෙහි දී සාකච්ඡා කර ඇත.

එබැවින් මෙම මිල වැඩිකිරීම දේශීය ආර්තිකය ශක්තිමත් කරන පොදු වැඩපිළිවෙනළක එක් ප්‍රධාන සාධකයක් පමණි. එය රටේ බැංකු පද්ධතිය ශක්තිමත් කර අඩු පොළී අනුපාත පවත්වා ගැනීමටත්, විදේශ විනිමය වියදම් අඩුකර විනිමය අනුපාතය ශක්තිමත් කර ගැනීමටත්, ජනතාව‍ගේ සෞඛ්‍යය හා සුබසාධනය සුරක්ෂිත කරගැනීමටත්, ආනයන මත රඳා පවතින පරිභෝජන ආර්ථිකය, දේශීය නිෂ්පාදන මත රඳා පවතින ආයෝජන හා පරිභෝජන ආර්ථිකය් බවට පරිවර්ථනය කරගැනීමටත් ගත් තීරණයක් බවට මෙම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇතත් එම මාධ්‍ය නිවේදනයට කිසිදු වගකිව යුතු අයකු අත්සන් තබා නැත.

Related articles

Recent articles

spot_img