-4.8 C
New York

“තනියම තෙල් මිල වැඩි කරන්න මට පිස්සුවක් නෑ. මම ඔක්කොම හෙට හෙළි කරනවා” – ගම්මන්පිළ

Published:

තෙල් මිල වැඩි කළේ තමන්ගේ අභිමතය පරිදි නොවන බවත් අමාත්‍ය අනුකමිටුවක නිර්දේශය ද ඇතිව මුදල් අමාත්‍යාංශයේ අනුමැතියෙන් බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙය නිසි ක්‍රමවේදයට අනුව සිදුකළ බවයි. එම මිල වැඩිකිරීමේ තීරණය මෙන්ම මිල වැඩිකිරීම ක්‍රියාත්මක කිරිමේ දිනය පවා මුදල් අමාත්‍යාංශ්‍ය විසින් ලබාදුන් බවත් එය මහා භාණ්ඩාගාරය විස්න ද අනුමත කර තිබෙන බවත් ඔහු කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් හෙට (13) මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා රටට හෙළිදරව් කරන බව ද අමාත්‍ය ගම්මන්පිළ පවසයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ තෙල්මිල ඉහළ දැමීම ආණ්ඩුව අසීරුතාවයට පත්කිරීමේ ක්‍රමන්ත්‍රණයක් ද යන්න සැකයක් පවතින බවත් අමාත්‍යවරයා එහි වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතු බටව ශ්‍රී ලකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් කරනු ලැබූ විමසීමක දී අදහස් දක්වමිනි.

Related articles

Recent articles

spot_img