spot_img
spot_imgspot_img

කම්හල් සේවක සේවිකාවන්ට කඩිමින් එන්නත් ඉල්ලයි. මිල දී ගැනීමට හෝ අවසර දෙන්න

පුවත්

විදෙස්

වසංගත තත්ත්වය හමුවේ රටේ ආර්ථිකය කඩා වැටීමකින් තොරව පවත්වාගෙන යාම සඳහා ඇඟළුම් ඇතුළු කර්මාන්තශාලා විවෘතකර ඇතත් ඒවායේ සේවක සේවිකාවන්ට එන්නත් ලබාදීමේ නිශ්චිත වැඩපිළිවෙලක් නොමැතිවීමෙන් මෙරට ලක්ෂ ගණනක් ජනතාවව අවදානමට ලක්වන බව කර්මාන්ත හිමියෝ කියති.

ඔවුන් පවසන්නේ අපනයන ආර්ථිකය ඇතුළු ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ අඛණ්ඩ පැවැත්ම සඳහා කර්මාන්තශාලා පවත්වාගෙන යාම අතිශය වැදගත් බවයි. එසේ වුව ද ඒවායේ සේවක සේවිකාවන් දැඩි අවදානමකට මුහුණ දී සිටින බවත් ඔවුන් අතරින් විටින් විට කොරෝනා පොකුරු වාර්තාවීමත් බරපතල තත්ත්වයක් බව මෙම කර්මාන්තශාලා හිමිකරුවෝ පෙන්වා දෙති.

රටක අඛණ්ඩ පැවැත්ම සඳහා කර්මාන්තශාලා විවෘතව තබාැනීම අතිශය වැදගත් බවත් එසේ නොකළහොත් හිමිකරුවන්ගේ බංකොලොත්වීමට පෙර රටේ ආර්ථිකය බිඳවැටී එහි අහිතකර ප්‍රතිඵල සමස්ත රටවැසියන්ට ම අත්විදින්නට සිදුවන බවත් ඔවුහු පෙන්වා දෙති.

තම තමන්ගේ කර්මාන්තශාලාවල සේවය කරන සේවක සේවිකාවන් වෙනුවෙන් කොරෝන මර්ධන එන්නත් මිල දී ගැනීමට එවැනි බොහෝ කර්මාන්තශාලා හිමියන්ට හැකියාව ඇති බැවින් ඒ සඳහා අවස්ථා කිහිපයක් ම එන්නත් ආනයනය කර කර්මාන්තශාලා සේවකයන්ට ලබාදීමේ යෝජනාවක් බලධාරීන්ට ඉදිරිපත් කර ඇතත් ඊට නිසි ප්‍රතිචාරයක් ලැබී නැත.

සාමාන්‍යයෙන් එක් අයකුට අවශ්‍ය එන්නතක මිල රුපියල් 2000.00ට වඩා අඩු අගයක් ගන්නා බැවින් තම සේවක සේවිකාවන් සඳහා එන්නත් ආනයනය කිරීමේ ක්‍රමවේදයක් හේ පුද්ගලික අංශයෙන් එන්නත් ලබාගැනීමේ ක්‍රමවේදයක් හෝ සකසන්නේ නම් කර්මාන්තශාලා අඛණ්ඩව පවත්වාගෙන යා හැකි බව ඔවුහු කියති.

නමුත් එවැනි වැඩපිළිවෙලක් මෙතෙක් සකසා නැත.

මේ හේතුවෙන් කර්මාන්ත ක්ෂේත්‍රය දැඩි අර්බුදයක් කර ගමන් කරමින් සිටියි. සේවක සේවිකාවන් නේවාසිකාගාරවල නතරවී පැමිණෙ පිරිස්වලට ‍වසංගත තත්ත්වය හේතුවෙන් නේවාසිකාගාර අහිමිවී ඇත. ඔවුන්ට නවාතැන් පහසුකම් නොමැති අතර සංචරණ සීමා හේතුවෙන් ආහාර ලබාගැනීම ද අසීරු වී තිබේ. එමෙන්ම නිවෙස්වල සිට පැමිණෙන සේවකයන්ගේ ඇතැම් නිවෙස්වල පුද්ගලයන් කොරෝනා ආසාදිත වන අතර ඒ බව දැනගැනීමට පෙර ඔවුන් සේවයට පැමිණි අවස්ථාවල දී ඇතැම් විට කර්මාන්තශාලාවේ අනෙක් සේවක සේවිකාවන් ද නිරෝධායනය කිරීමට සිදුවේ.

ඇතැම් අවස්ථාවල දී ආසාදිත වූ සේවක සේවිකාවන් හේතුවෙන් ඔවුන් ජීවත්වන ගම්මාන පවා අසීරුතාවට පත්වන අවස්ථාව ද වාර්තාවේ.

කර්මාන්තශාලා හිමිකරුවන් පවසන්නේ රටේ ආර්ථිකය කඩාවැටීමකින් තොරව පවත්වාගැනීමට නම් ඔවුන්ගේ සේවක සේවිකාවන් එන්නත් කිරීම කඩිනම් කළ යුතු බවයි. රජයෙන් නොමිළයේ ලබාදෙන එන්නත හෝ එන්නත් ආනයනය කිරීමට හෝ පුද්ගලික අංශයෙන් ලබාගැනීමට හෝ අවස්ථාව දෙන මෙන් ඔවුහු ඉල්ලා සිටිති.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!