කොරෝනා හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ණය සහන ලබා නොදෙන බැංකු, බැංකු නොවන මූල්‍ය ආයතන සහ ලීසිං පහසුකම් ලාදෙන ආයතන පිළිබද මහ බංකුවට වහාම දැනුම් දෙන ලෙස එහි පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර පවසයි.
සියලුම බැංකු, මූල්‍ය ආයතන සහ ලීසිං ආයතන වෙත මහජනතාවට ණය සහන ලබා දෙන ලෙස දැනුම් දී ඇති බවත් යම් සහනයක් අවශ්‍යනම් තමන් ණය ලබාගෙන ඇති ආයතනය වෙත ගොස් සාකච්ඡා කර ඒ සඳහා නිශ්චිත කාලසීමාවක් ලබාගැනීමේ හිමිකම ණය ලබාගත් සියලු දෙනාට ඇති බවත් හෙතෙම කියා සිටියේය.
එසේ සාකච්ඡා කළ විට යම් ආයතනයක් ණය සහන දීමට එකඟ නොවන්නේ නම් 0112 4747966 දුරකථන අකයට පැමිණිලි කරන ලෙස දමහ බැංකුව දැනුම් දෙයි



