-5.9 C
New York

GMOA නිලවරණයට ඡන්දය ඉල්ලමින් නිරෝධායන නීති කඩන හැටි

Published:

කොරෝනා වසංගතය හේතුවෙන් නිරෝධායන නීති ක්‍රියාත්මක වෙයි. මේ නීති කිසිවෙකුට උල්ලංඝනය කළ නොහැකි වුව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමන්ගේ සංගමයේ එක්තරා කණ්ඩායමක් තමන්ගේ සංගමයේ බලය අල්ලාගැනීමේ අපේක්ෂාවෙන් නිරෝධායන නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් සිටී.

අත්‍යාවශ්‍යම කාරණයකට හැර පුද්ගලයන් 10 දෙනකුට වැඩියෙන් සහභාගීවන රැස්වීම් නොපවත්වන ලෙසත්, එම රැස්වීම් ද මුඛ ආවරණ පැළඳ මීටරයක හෝ ඊට වැඩි සමාජ දුරස්ථභාවයක් තබාගෙන කළ යුතු බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දිනපතා ම මාධ්‍ය හමුවේ පවසයි. එමෙන් ම මෙවෙැනි කොන්දේසි උල්ලංඝනය කළ පිරිස් අත්අඩංගුවට ගත් අවස්ථා පිළිබඳව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා විස්තර ඉදිරිපත් කළේය.

නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ එක්තරා පිරිසක් රටේ පවතින නිරෝධායන නීති තුට්ටුවකට හෝ මායිම් නොකර රැස්විම් පවත්වන්නේ මේ ආකාරයෙනි. ඔවුන් තමන්ගේ වෘත්තීය සමිති මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් රට පුරාම රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ සියලු ශාඛාවල මෙවැනි රැස්වීම් පැවැත්වීමට කටයුතු කර ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු පිරිසට රටේ නීති අදාල නැති බව මේ පහත ඡායාරූපවලින් පෙනී යයි.

Related articles

Recent articles

spot_img