-2.1 C
New York

කොටස් වෙළෙද පොළට GSP+ අවදානමෙන් බලපෑම්

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (11) දින සමස්ත කොටස් මිල ඒකක 9.1ක සුළු ඉහළ යාමක් වාර්තා කළ අතර GSP+ සහනය අහිමිවීමේ අවදානම මත මුල් පැය කිහිපය තුළ කොටස් වෙළෙඳ පොළේ සමස්ත මිල දර්ශකය පහළ වැටිණි. ඉන්පසු ගනුදෙනු අවසානයේ පෙර දිනයට සාපේක්ෂව සමස්ත කොටස් මිල ඒකක 9.1ක් ඉහළ නගිමින් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 7609ක් ලෙස සඳහන් විය

දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.3කි. දිනයේ වැඩිපුරම ගනුදෙනු වූ කොටස් අතර  LOLC සමාගම රුපියල් මිලියන 444ක්, ඩිප්ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 189ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 160ක් ලෙස දැක්විය හැකියි.

අද දිනයේ දී ද විදේශීය ආයෝජකයන්, රුපියල් මිලියන 170ක කොටස් විකුණා ඇති අතර රුපියල් මිලියන 78ක කොටස් මිල දී ගෙන තිබේ. ඒ අනුව සමස්තයක් ලෙස ශුද්ධ ගණනය කිරීමේ දී විදේශීය ආයෝජකයන් රුපියල් මිලියන 92ක් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන තිබේ.

විදේශ ආයෝජකයන් මිල දී ගත් කොටස් අතර හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 20යි, හේලීස් සමාගම රුපියල් මිලියන 06යි, වැලිබල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 03යි වශයෙන් ප්‍රමුඛ විය. විදේශිකයන් කොටස් විකුණූ සමාගම් අතර පීපල්ස් ලීසිං සමාගම රුපියල් මිලියන 92යි, සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගම රුපියල් මිලියන 13යි, LOLC සමාගම රුපියල් මිලියන 10යි දැක්විය හැකියි.

දිනයේ සමස්ත ගනුදෙනු නිරීක්ෂණය කිරීමේ දී GSP + සහනය මත භාණ්ඩ අපනයනය කරන බොහෝ සමාගම්වල කොටස් මිල පහළ යනු දක්නට ලැබුණු අතර අනෙකුත් බොහෝ සමාගම්වල කොටස් මිල ස්ථාවරව පැවතිණි.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

spot_img