-2.1 C
New York

rata.lk පුවත සාර්ථකයි. ගාල්ලේ දරුවන්ට ත්‍රිපෝෂ බෙදා හරී

Published:

ගාල්ල මහ නගර සභා සීමා‍වේ පදිංචි දරුවන් සඳහා ලබාදෙන ත්‍රිපෝෂ තොගයක් දංගෙදර සමගිවත්තේ සායන ගොඩනැගිලේ ගොඩගසා ඇති බව rata.lk වෙබ් අඩවිය මගින් හෙළිදරව් කිරීමත් සමඟ එම ත්‍රිපෝෂ තොගය බෙදාදීම අද (11) දියේ සිදුකෙරිණි.

ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බර්ට්‍රම් ද සිල්වා ඇතුළු වෛද්‍යවරු තිදෙනා නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉවත්ව තම අභිමතය පරිදි වෙනත් ස්ථානයක කාර්යාලයක් ස්ථාපිතකරගැනීම හේතුවෙන් මාස කිහිපයක් ම නගර සභාවේ සෞඛ්‍ය අංශයේ සායනික කටයුතු ඇණහිට තිබිණි.

මේ හේතුවෙන් මාර්තු මාසයේ නගර සභාවට ලැබුණු ත්‍රිපෝෂ පැකට් 5760ක් බෙදා නොදී ගොඩගසා තිබිණි. මේ පිළිබඳ අප වෙබ් අඩවිය පසුගිය (09) වැනි දා අනාවරණය කිරීමේ දී නාගරික කොමසාරිස් රනිල් වික්‍රමසේකර කියා සිටියේ හැකි ඉක්මණින් එම ත්‍රිපෝෂ තොග මව්වරුන් අතර බෙදා දෙන බවයි.

ඒ අනුව අද (11) දහවල් සිට ත්‍රිපෝෂ බෙදාදීම ගාල්ල මහ නගර සභා පරිශ්‍රයේ දී සිදුකෙරුණු අතර විශාල පිරිසක් පැමිණ එම ත්‍රිපෝෂ රැගෙන ගියහ. ත්‍රිපෝෂ තොගය ජූලි මස 06 වැන දින කල් ඉකුත්වීමට නියමිතය. ත්‍රිපෝෂ අධි පොෂණ තත්ත්වයක් සහිත බැවින් එය කල්තබාගත හැකියැයි සඳහන් කර ඇත්තේ මාස තුනක කාලයක් පමණි. ‍

එසේ වුව ද වෛද්‍යවරුන්ගේ බල අරගලය හේතුවෙන් මේ ත්‍රිපෝෂ තොගය බෙදාහැරීමට නොහැකි වූ බව නරග සභාවේ සෞඛ්‍ය අංශයේ සේවකයෝ ම කියති.

ත්‍රිපෝෂ ගබඩාවක ගොඩගසා ඇති බව මීට පෙර වාර්තා කළ පුවත

Related articles

Recent articles

spot_img