-5.9 C
New York

ඇස්ට්‍රාසෙනිකා එන්නත් ජපානයෙන් ලැබෙන කතාව ජපන් තානාපති කාර්යලය ප්‍රතික්ෂේප කරයි

Published:

මෙරට කොරෝනා මර්ධනය සඳහා ජපානයෙන් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ශ්‍රී ලංකාවට ලබාදෙන බවට ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළ ද එය ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ජපාන තානාපති කාර්යාලයට ඊමේල් පණිවිඩයක් නිකුත්කරමින් ඒ පිළිබඳ විමසා ඇති ඩේලිමිරර් පුවත්පත මේ පිළිබඳ වාර්තාවක් පළකර තිබේ.

ඩේලිමිරර් පුවත්පත මේ සම්බන්ධයෙන් කොළඹ ඇති ජපාන තානාපති කාර්යාලයෙන් විමසූ විට එම ප්‍රකාශය සමඟ ජපාන තානාපති කාර්යාලය එකඟ වී නැත.

ජපානය ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලියන 30ක් පමණ කොවැක්ස් පහසුකම යටතේ වෙනත් රටවලට වෙන්කර ඇති නමුත් ශ්‍රී ලංකාව ඊට ඇතුළත් වී ඇතැයි ස්ථිර කළ නොහැකි බව ද තානාපති කාර්යාලය දැනුම් දී තිබේ.

ඩේලිමිරර් පවුත්පතේ ඊමේල් පණිවිඩයට පිළිතුරු දෙමින් ජපාන තාාපති කාර්යාලය පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් සිය මූළස්ථානය විසින් විමර්ශනයක් කරන බැවින් වැඩිදුර අදහස් ප්‍රකාශ කළ නොහැකි බවයි.

ජනාධිපති මාධ්‍ය අංශය පසුගිය බදාදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජනාධිති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලීමක් අනුව ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් මෙරටට ලබාදීම ජපානය සළකා බලමින් සිටින බවයි. ජනාධිපතිවරයා විසින් එම ඉල්ලීම ජපාන අගමැති යොෂිහිඩ් සුගාවෙත ඉදිරිපත් කර තිබූ බව ද එහි දැක්විණි.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපපති සුගියාමා අකිරා සහ ජනාධිපතිවරයා ඇතර බදාදා පැවැති සාකච්ඡාවක දී ජපාන අගමැතිවරයාගේ ප්‍රතිචාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත දැනුම් දුන් බව ද ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර තිබිණි.

ඩේලිමිරර් ලිපිය පහතින්

http://www.dailymirror.lk/breaking_news/Astrazeneca-COVID-19-vaccine-Japan-mum-on-Sri-Lankas-claims/108-213850

Related articles

Recent articles

spot_img