ශ්‍රී ලංකාවේ GPS+ තත්ත්වය තාවකාලිකව ඉවත්කර ගැනීම සහ එයින් ලැබෙන ප්‍රතිලාභ සළකා බලන ලෙස යුරෝපා සංගම් පාර්ලිමේන්තුව, යුරෝපා කොමිසමෙන් ඉල්ලා සිටීමේ යෝජනාවක් ඊයේ (10) වැඩි ඡන්ද 613කින් සම්මත කරගත්තේය.
මානව හිමිකම් ප්‍රතිසංස්කරණ සම්මත කරගැනීමට සහ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය දිගින් දිගටම අපොහොසත්වීම සහ ත්‍රස්වාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසිකිරීම හෝ ආදේශ ලබාදීම යන ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත්වීම යන කරුණු මූලික කරගනිමින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබිණි.
ශ්‍රී ලංකාව සම්බන්ධ එම යෝජනාවට පක්ෂව ඡන්ද 628ක් හිමි වූ අතර විරුද්ධව හිමිවූයේ ඡන්ද 15ක් පමණි. ඡන්දය නොදුන් සංඛ්‍යාව 40කි.
මානව හිමිකම් සුරක්ෂිත කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම හෝ ප්‍රතිස්ථාපනය කිරීම සඳහා රජය දක්වන කැපවීම යන කරුණු සැළකිල්ලට ගනිමින් වෙළඳ සහන අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා 2017 වර්ෂයේ දී ශ්‍රී ලංකාවට යළි GSP+සහනය හිමිවිය.
මෙම යෝජනාවේ දැක්වෙන්නේ එම සහන ලබාදුන්නේ නීතිය සහ මානව හිමිකම් සම්මුතීන් ඇතුළු ජාත්‍යන්තර සම්මුතීන් 27ක් ශ්‍රී ලංකාව තුළ ඵලදායී ලෙස ක්‍රියාත්ක කරනු ඇතැයි යන අපේක්ෂාවෙන් බවයි.
එසේ වුව ද ශ්‍රී ලංකාව එම කරුණු සම්බන්ධයෙන් ක්‍රියාකරන ආකාරය පිළිබඳ යුරෝපා සංගමය නැවත නැවතත් කනස්සල්ල පළකර ඇති අතර ශ්‍රී ලංකාව එම තත්ත්වයන් නිසි පරිදි පවත්වාගෙන යාමට අපොහොසත් වී ඇති බව ද එම යෝජනාවේ දක්වා තිබේ.
ඊයේ සම්මත වූ යෝජනාව මගින් යුරෝපා සංගමය කොමිසමෙන් ඉල්ලා සිටින්නේ “ශ්‍රී ලංකාවේ GSP + තත්ත්වය තාවකාලිකව ඉවත්කිරීම සඳහා ක්‍රියාපටිපාටියක් ආරම්භ කිරීමට සහ හැකි ඉක්මණින් මෙම කාරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට ප්‍රමාණවත් හේතුවක් තිබේද යන්න අවසාන වශයෙන් සළකා බලන්න” යනුවෙනි.
GSP+ මගින් ශ්‍රී ලංකාවේ අපනයන කරුවන්ට යුරෝපා සංගමයේ රටවලට ඉතා හොඳ වෙළෙඳ පොළ ප්‍රවේශයක් හිමිවන බවත්, එම පහසුකම යටතේ වාසිදායක වෙළෙද පොළ සම්න්ධතා ඇතිකර ගැනීමේ දී රටේ සහ ජාත්‍යන්තර මාන විහිමකම් සම්මුතීන් සමඟ පෙළගැසී සිටීම ශ්‍රී ලංකා රාජ්‍යයේ වගකීමක් බවත් එම යෝජනාවේ දැක්වේ.
ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්, නීතිඥයන්, ලේඛකයන් සහ කවියන් අත්තනෝමමතික ලෙස අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබාගැනීම පිළිබඳ කණස්සල්ල පළකරන බව ද එම යෝජනාවේ දක්වා ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර රඳවා තබාගැනීම ද යෝජනාවේ සඳහන් කර ඇත.
යුරෝපා සංගම් පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත්තේ නීත්‍යානුකූළ චෝදනා මත මේ පිරිසට සාධාරණ නඩු විභාගයක් ලබාදෙන ලෙසයි. කිසිදු චෝදනාවක් නොමැතිනම් ඔවුන් නිදහස් කරන ලෙසත් දැනුම් දී ඇත.
GSP + යෝජනා ක්‍රමය මගින් ශ්‍රී ලංකාවට සැළකිය යුතු ආර්ථික වර්ධනයක් හිමිවී තිබේ. එයින් යුරෝපා සංගමයට කරන අපනයනය යුරෝ ිලියන 2.3ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එමගින් යුරෝපා සංගම් රටවල් ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම අපනයන වෙළෙඳ පොළ බවට පත්විය.