-2.1 C
New York

මුම්බායි හි ගොඩනැගිල්ලකට යටවී 11ක් මරුට

Published:

ඉන්දියාවේ බටහිර, මුම්බායි හි නේවාසික ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ළමුන් අට දෙනකු ඇතුළු 11දෙනකු මියගොස් තිබේ.

පොලිසිය පවසන්නේ සුන්බුන් අතර සිරවී සිටින තවත් පිරිස් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.

දෙමහල් ගොඩනැගිල්ලක් වන මෙය තවත් ගොඩනැගිල්ලක් මතට කඩා වැටී තිබේ. නිසි ප්‍රමිතියෙන් තොරව ඉදිකරන මෙවැනි අනවසර ගොඩනැගිලි මුම්බායි නගරයේ බහුලව දක්නට ලැබේ.

ඊයේ(09) එම ප්‍රදේශයට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් ගොඩනැගිල්ල කඩා වැටෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. කෙසේ වුවද සිිද්ධිය සම්බන්දව පරික්ෂණයක් පැවැත්වීමට නියෝග ලැබී ඇතැයි ද පොලිසිය පවසයි.

ඉදිරි දිනවල වර්ෂාව තවත් වැඩිවිය හැකි බවත් පහත් බිම් ප්‍රදේශ ගංවතුරට ගොදුරු වීමේ අවදානමක් පවතින බවටත් කාලගුණ අංශ අනතුරු අඟවා ඇත.

Related articles

Recent articles

spot_img