රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ ළමා ස්නායු රෝග වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය තමන්ගේ ක්ෂේත්‍රයේ ගැටලු රැසක් තිබිය දී එ්වා විසඳීමට මැදිහත් නොවී ජනප්‍රියත්වය හා පුද්ගලික ලාභ අපේක්ෂාවෙන් වෙනත් වෘත්තීයවේදීන්ගේ සේවා අභිමානය හෑල්ලුකරමින් කටයුතු කිරීම හෙළා දකින බව ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ කෘෂිකර්ම උපාධිධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.
ඔවුන් වැඩිදුරටත් පවසන්නේ විශේෂඥ වෛද්‍ය පාදෙණිය මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පිළිගත් වෘත්තීය සංගමයක නිලධාරියකු වෘත්තීයවේදියකු ලෙස කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නිලධාරීන්ට ද්වේෂ සහගත අයුරින් අදහස් දැක්වූ බවයි.
පදනම් විරහිතව මෙලෙස වෙනත් වෘත්තියක් විවේචනය කිරීම වෘත්තීය සමිති නායකයකුට සාදාචාරාත්මක අයිතියක් නොමැති බවත් ඔහු චෝදනා කරන පරිදි රසායනික පොහොර සහ පළිබෝධනාශක සමාගම්වලින් යැපෙන නිලධාරීන් සිටීනම් පිළිගත් ක්‍රමවේද මත කරුණු ඉදිරිපත් කළ යුතු බවත් එම සංගමය පවසයි.
අනුරුද්ධ පාදෙණිය වෛද්‍යවරයාට තම වෘත්තිය පිළිබඳ මනා නිපුනතාවක් ඇති ආකාරයෙන් ම අනෙකුත් වෘත්තීයවේදීන්ට ද තම වෘත්තිය පිළිබඳ නිපුණතාවක් තිබෙන බවත් ඔහු අමතක කිරීම කණගාටුවක් බවද කෘෂිකර්ම උපාධිධාරීන්ගේ සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දක්වා ඇත. කෘෂිකර්මය යනු ගොවිතැන් කිරීම පමණක් නොවන බව ද එය විද්‍යාවක් බව වෛද්‍ය පාදෙණිය අවබෝධ කර නොගැනීම ගැටලුවක් බවත් ඔහු සිදුකළේ පහත් ක්‍රියාවක් බවත් එමගින් පෙන්වා දී ඇත.
මෙම මාධ්‍ය නිවේදනය අද (10) ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ කෘෂිකර්ම උපාධිධාරීන්ගේ සංගමයේ සභාපති එච්.එම්.රණතුංග බණ්ඩාර සහ ලේකම් ඩබ්ලිව්.එම්.කේ.ආර්.වික්‍රමසිංහ දෙදෙනාගේ අත්සනින් නිකුත් කර තිබේ.
එම නිවේදනය පහතින් දැක්වේ.

Krusikarmaya kesey go NAGASITAWIYA YUTHUI