5.6 C
New York

කොටස් වෙළෙද පොළෙන් විදේශ ආයෝජකයන් ඉවත්වීම දිගටම

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත කොටස් මිල දර්ශකය අද (10) දිනයේ ඒකක 36ක් ඉහළ ගිය අතර සියලු ගනුදෙනු අවසානයේ සමස්ත ඒකක දර්ශකය සටහන් වූයේ 7608ක් ලෙසිනි.

අද දිනයේ සම්පූර්ණ වෙළෙඳ පොළ පිරිවැටුම රුපියල් බිලියන 3.2කි. වැඩියෙන්ම අළෙවි වූ කොටස් අතර හැටන් නැෂනල් බැංකුව (ඡන්ද බලය රහිත කොටස්) රුපිියල් මිලියන 722ක්, රෝයල් සෙරමික් රුපියල් මිලියන 181ක්, ඇලුමෙක්ස් රුපියල් මිලියන 173ක් වශයෙනි.

දිනයේ වැඩිපුර හුවමාරු වූ කොටස් අතර ප්‍රයිම් ලෑන්ඩ් සමාගම, රෝයල් සෙරමික් සමාගම සහ ඩීප්ප්‍රඩක්ට් සමාගම ප්‍රධාන වේ. දිගින් දිගටම කොළඹ කොටස් වෙළෙඳ පොළේ දැකිය හැකි ප්‍රධානතම දුර්වලතාවය වන විදේශීය ආයෝජකයන් කොටස් විකිණීම අද දිනයේ බරපතල ලෙස කැපී පෙණුනු අතර විදේශීය ආයෝජකයන් රුපියල් මිලියන 705ක කොටස් විකුණා ඇති අතර මිල දී ගෙන ඇත්තේ රුපියල් මිලියන 159ක් පමණි. සමස්තයක් ලෙස රුපියල් මිලියන 546ක මුදලක් විදේශිකයන් කොටස් විකුණා ඇත.

විදේශිකයන් විසින් කොටස් විකුණූ සමාගම් අතර හැටන් නැෂනල් බැංකුව (ඡන්ද බලය රහිත කොටස්) මිලියන 606ක්, ෂන්ෂයින් හෝල්ඩින්ස් රුපියල් මිලියන 16ක්, ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 13ක් වශයෙන් දැක්විය හැකිය. විදේශ ආයෝජකයන් මිල දී ගත් කොටස් අතර කාගීලිස් සමාගම මිලියන 84ක්, හේමාස් හෝල්ඩින්ස් මිලියන 22ක්, රෝයල් සෙරමික් මිලියන 14 වශයෙන් සටහන් විය.

වෙළෙඳ පොළ පිරිවැටුම සහ සමස්ත කොටස් මිල දර්ශකය ඉහළ යන සෑම අවස්ථාවක දී ම විදේශ ආයෝජකයන් තම ලාභ මුදල් ලබාගැනීම සඳහා කොටස් විකිණීම සුලව දැකිය හැකි කරුණකි. \

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

spot_img