-4.8 C
New York

ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා ඇල්ෆා ප්‍රභේදය මරණ ගණන 55%කින් වැඩිකරයි ?

Published:

ප්‍රදේශ රැසකින් හඳුනාගත් බ්‍රිතාන්‍ය B.1.1.7 (ඇල්ෆා) කොරෝනා ප්‍රභේදය මෙතෙක් මෙරට වාර්තා වූ කොරෝනා ප්‍රභේදවලට වඩා 50% ක පමණ වේගයකින් පැතිරයන බවත් එහි දරුණු බව හා මාරාන්තික බව ද 55%ක් පමණ වැඩි බවත් වෛද්‍ය චන්දිම ජීවන්දර පවසයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ මේ වනවිට පැතිර යන කොරෝනා ප්‍රභේද පිළිබඳ දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඔහු පවසන්නේ මෙතෙක් මෙරට පැතිරගිය B.1.411 ප්‍රභේදය අභිබවමින් මේ වනවිට නව ඇල්ෆා ප්‍රභේදය හිස ඔසවමින් තිබෙන බවයි.

මෙම වයිරස ප්‍රභේදය ගාල්ල, රාගම, ත්‍රිකුණාමලය, කුලියාපිටිය, වාරියපොළ, හබරාදුව, තිස්සමහාරාමය, මඩකලපුව යන ප්‍රදේශවලින් හමුවී තිබේ.

Related articles

Recent articles

spot_img