-2.1 C
New York

ගිනිගත් නැවේ තෙල් කාන්දුව සැඟවිය නොහැකියි

Published:

කොළඹ වරාය ආසන්නයේ දී විනාශ වූ X-Press Pearl නෞකාවෙන් තෙල් කාන්දුවෙමින් පවතින බව ජාත්‍යන්තර විශේෂඥයන් චන්ද්‍රිකා ඡායාරූප පවා ‍විශ්ලේෂණය කරමින් තහවුරු කරද්දී එම ප්‍රකාශවල කිසිදු සත්‍යයක් නැතැයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා twitter පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

ඔහු වරායට ගොස් නිරීක්ෂණය කරන ඡායාරූපයක් ද පළකරමින් මේ බව පවසා තිබේ.

ආචාර්ය ගොඩහේවා එසේ කීව ද විනාශ වී ගිය X-Press Pearl නෞකාවෙන් තෙල් කාන්දුවන බව චන්ද්‍රිකා ඡායාරූප උපුටා දක්වමින් news.sky.com වාර්තා කර තිබේ. planet.com නමැති වෙබ් අඩවියේ පෘථිවියේ සිදුවන වෙනස්කම් පිළිබඳ චන්ද්‍රික ඡායාරූප ‍දෛනිකව පළකරනු ලබයි. එම වෙබ් අඩවියේ පළකර ඇති චන්ද්‍රිකා ඡායාරූපවල නැවෙන් පිටවන තෙල් පැල්ලම දක්නට ලැබෙයි.

planet.com වෙබ් අඩවියේ තිබූ චන්ද්‍රික ඡායාරූපය

මීට අමතරව Kongsberg Satellite Services (KSAT) දක්වන්නේ ICEYE පුළුල් ප්‍රදේශ රේඩාර් චන්ද්‍රිකා නිරූපණයෙන් ගිලීගිය නෞකාවෙන් තෙල් හෝ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් සිදුවන බව තහවුරු කර තිබේ.

ICEYE විසින් මෑතකදී හඳුන්වා දුන් පුළුල් කලාපීය රූප සමුද්‍රීය කලාපයන්හි අඛණ්ඩව සිදුවන තෙල් කාන්දුවක් හඳුනා ගැනීම සහ අධීක්ෂණය කිරීම සඳහා භාවිතා කරන පළමු අවස්ථාව මෙය බව ICEYE හි යුරෝපයේ කලාපීය අධ්‍යක්ෂ ටෙරෝ වොරස්ටේ පවසා තිබේ.

ICEYE සහ KSAT යනු මුහුදේ වෙනස්කම් අධ්‍යයනය කිරීමට සහ සමුද්‍ර ආරක්ෂාව සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීම සඳහා ලොව ඉහළම හැකියාවෙන් සහ තාක්ෂණයෙන් සමන්විත ආයතන වෙයි.

Kongsberg Satellite Services (KSAT) තෙල් පැතිරීම පිළිබඳ කරන ලද විශ්ලේෂණයේ දී සඳහන් කර අති ඡායාරූපය

මීට අමතරව සමුද්‍ර දූෂණය පිළිබඳ නිරීක්ෂණය කරන යුරෝපීය Marine Pollution Surveillance වාර්තාව පෙන්වා දෙන්නේ ද ගිනිගෙන විනාශ වූ නෞකාවේ සිට තෙල් හෝ රසායනික ද්‍රව්‍ය කාන්දුවීමක් මේ වනවිට ආරම්භ වී ඇති බවයි.

එම වාර්තාව ද චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් ආධාරයෙන් ඒ බව තහවරු කරයි.

Marine Pollution Surveillance නිකතු කර ඇති වර්තාවේ දැක්වෙන ඡායාරූපය

එමෙන්ම පවතින සුළං සහ ජල ප්‍රවාහයේ ස්වභාවය අනුව මෙම රසායනික හෝ තෙල් පැතිරීම නාවික සැතපුම් 12ක් පමණ දුරට ව්‍යාප්තවිය හැකි බව ද එම වාර්තාවල පෙන්වා දී තිබේ.

එය පවතින සුළං තත්වයත් සමඟ තවදුරටත් ව්‍යාප්ත විය හැකි බැවින් නැව ස්ථානගතව ඇති ප්‍රදේශය අවට නාවික සැතපුම් 12ක් පමණ දුරට මෙය ව්‍යාප්තවිය හැකි බවයි.

දැනට නැව ඇති ස්ථානයේ සිට උතුරු දෙසට සහ වයඹ දෙසට සිහින් රේඛාවක් මෙන් නාවික සැතපුම් 03ක් දුරට එය ගමන් කර ඇති බව ද විදෙස් විශේෂඥයෝ පෙන්වා දෙති.

විදේශීය වෙබ් අඩවිවල සබැඳි සියල්ල පහතින් දක්වා ඇත.

https://news.sky.com/story/sri-lanka-cargo-ship-disaster-large-oil-spill-visible-in-satellite-images-12328569

https://www.planet.com/

https://www.ksat.no/news/news-archive/2021/Oil-spill-detected-in-Sri-Lanka/

https://www.nesdis.noaa.gov/

Related articles

Recent articles

spot_img