-5.9 C
New York

ගාල්ලේ රත්ගම කොරෝනා එන්නත් ලේඛන අස්ථානගත කරයි

Published:

ගාල්ලේ රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කොරෝනා එන්නත්කරණ ලේඛනය එහිි ප්‍රධානියකු විසින් තමන් සන්තක කරගැනීමෙන් බරපතල ගැටලුවක් ඇති වී තිබේ.

එන්නත් සම්බන්ධ ලේඛන පවත්වාගෙන යාමේ වගකීම ඇත්තේ මහජන සෞඛ්‍ය හෙද සොයුරියටය. ඇය සතුව තිබූ රත්ගම එන්නත්කරණ වැඩසටහනේ සියලු ලිපිගොනු මෙම කාර්යාලයේ බලධාරිනියක විසින් ගෙන්වාගෙන ඒවා තම ලාච්චුවේ දමා අගුළු දමා ගැනීමත් සමඟ හෙද සොයුරිය ද විශාල ගැටලුවකට මුහුණ දී තිබේ.

ගාල්ල උණවටුනේ දී කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ පදිංචිකරුවන්ට එන්නත් ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. එම පරීක්ෂණය ගැන දැනගත් වහාම චෝදනාවට ලක්වූ වෛද්‍යවරුන් වෙනුවෙන් පෙනී සිටින වෛද්‍ය කණ්ඩායමක් අනෙකුත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ට උපදෙස් ලබා දී ඇත්තේ තම කාර්යාලවලින් ලබාදුන් එන්නත් ලේඛන වෙනස් කර නැවත සකසා උණවටුනේ සිද්ධිය වංචාවක් නොවන බව පෙන්වීමට සහය වවන ලෙසයි.

නමුත් ඒ වනවිටත් රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ලබාදිය යුතු එන්නත් සංඛ්‍යාවට වඩා එන්නත් 187ක් වැඩිපුර ලබා දී තිබිණි. රත්ගම ඉඹුල ප්‍රදේශයේ පදිංචිකරුවන් සඳහා ලබාදීමට එවන ලද එන්නත් වලින් කදුරුපේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් ඇතුළු එන්නත් හිමිකම් නොමැති පිරිසකට ලබා දී තිබිණි.

උණවටුනේ එන්නත් සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරුන් බේරාගැනීමට කූඨ ලේඛන සකසන ලෙස වෛද්‍යවරුන්ගෙන්ම උපදෙස් ලැබී ඇතත් ඒ වනවිටත් රත්ගම කාර්යාලයෙන් වැඩිපුර එන්නත් ලබාදී ඇති බැවින් ඒ බව දන්නා බලධාරිනියක විසින් එන්නත් ලේඛනය මෙලෙස තමන් භාරයට ගෙන තිබේ.

කෙසේ වෙතත් එන්නත් පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුවුවහොත් ඔවුන්ට ද ගැලවීමක් නොවනු ඇත.

Related articles

Recent articles

spot_img