spot_img
spot_imgspot_img

කරාපිටියේ දොස්තරගේ බෙහෙත් විකිණීම ගැනත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක්

පුවත්

විදෙස්

කොරෝනා සඳහා ඖෂධයක් සොයාගත් බව පවසමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ගෙන යාම සහ එම ඖෂධ මුදලට අළෙවිකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එම වෛද්‍යවරයා විසින් සොයාගත් බව කියන ඖෂධය නිසි පර්යේෂණයක් ඇතිව කරනු ලබන නිෂ්පාදනයක් නොවන බවත්, ඒ සඳහා අනුමැතියක් හෝ ලියාපදිංචියක් හෝ නොමැති බවත් හෙළි කරමින් එය මුදල් ගරන ජාවාරමක් බවට රටට පළමු වරට හෙළි කරන ලද්දේ rata.lk වෙබ් අඩවිය මගිනි.

එම ජාවාරම පිටුපස ප්‍රසිද්ධ නිළියක් වන ඕෂධී හේවාමද්දුම සහ ඇගේ සැමියා සිටින බවත් අපි හෙළිදරව් කළෙමු. එම හෙළිදරව්කිරීමෙන් පසුව ද එම නිලිය සමාජ මාධ්‍යජාලා ඔස්සේ එම ජාවාරම සාධාරණීකරණය කිරීමට තැත්දැරීම පිළිබඳව ද අප අනාවරණය කළ අතර ඒ පිළිබඳ ගාල්ල මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබේ. මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිස් විමර්ශන පවත්වන අතර ඖෂධී හේවාමද්දුම පොලිසියට කැඳවා ඇතත් ඇය විවිධ හේතු දක්වමින් එලෙස පැමිණීම ප්‍රතික්ෂේප කර තිබිණි.

එම ඖෂධය බෙදාහැරීම සිදුකරන Megha caring (Pvt) Ltd නමැති ආයතනය මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ වෙනස් ආකාරයේ ප්‍රචාරයක් ආරම්භ කර තිබේ. එමගින් ඔවුන් පවසන්නේ කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් සඳහා මෙම ඖෂධ්‍ය නොමිළයේ ලබාදෙන බවයි. එලෙස සඳහන් කර ඇති එක්තරා නියෝජිතයකුට අපි කතාකළ විට ඔහු ගාල්ල බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයකු වන ඩඩ්ලි විජේසිංහ බව හඳුනාගත හැකිවිය. ඔහු කියා සිටියේ මෙම ඖෂධය ලබාගත් අයට කොරෝනා සුවවන බවයි. එමෙන්ම කොරෝනා ආසාදිත වූ අයකු තමන්ට කොරෝනා පොසිටිව් යැයි ලැබී ඇති වාර්තාවේ පිටපතක් එම සමාගමට දෙන්නේ නම් පමණක් ඔවුන්ට නොමිළයේ මෙම ඖෂධය ලබාදෙන බව ද එම මන්ත්‍රීවරයා අප සමඟ කීවේය.

කරාපිටියේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධනගේ ඖෂධ වෙනත් පුද්ගලයන්ට අළෙවි කරන එම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පසුගිය දිනක බෝපේ පෝද්දල ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ දී කොරෝනා මර්ධන එන්නත ද ලබාගෙන තිබිණි.

වෛද්‍යවරයාගේ බෙහෙත ව්‍යාජ බෙහෙතක් නොවන්නේ නම් ඔහුට එන්නත ලබාගැනීම අවශ්‍ය නොවේ. මෙවැනි ජාවාරම්කරුවන් ගැන අපි දිගින් දිගටම ලිපි ගණනාවක් පළකිරීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය විධිමත් පරීක්ෂණයක් පවත්වන බව අද හෙළි කර තිබිණි.

අමාත්‍යාංශය වසන්නේ පොලිසියට කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් ද නීතිමය පියවර ගැනීමට අවශ්‍ය සහයෝගය ද ලබාදෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!