spot_img
spot_imgspot_img

කොළඹ කොටස් වෙළෙඳ පොළ වර්ධනය අතින් ලෝකයේ ම තුන්වැනි තැනට පත්වෙයි

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද දිනයේ සමස්ත මිල දර්ශකයට ඒකක 22කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ සමස්ත මිල දර්ශකය ඒකක 7564ක් ලෙස සටහන් විය.

දිනයේ විශාල ලෙස කොටස් හුවමාරු වූ සමාගම් අතර රෝයල් සෙරමික් සමාගම මිලියන 117යි, මෙල්ස්ටාකොප් සමාගම මිලියන 113යි, හේලීස් සමාගම මිලියන 110යි, LOLC සමාගම මිලියන 87ක් වශයෙන් දැක්විය හැකිය. කොටස් මිල ඉහළට ගිය සමාගම් අතර ඒ.එම්.එස් සමාගම, නේෂන් ලංකා සමාගම, කොළඹ වරාය ඉන්වෙස්ට්මන්ට් සමාගම ප්‍රමුඛ වූ අතර කොටස් මිල වැඩි වශයෙන් පහළ ගිය සමාගම් ලෙස LOLC Development සමාගම, අනිලානා හොටෙල් සමාගම, සිංගර් ඉන්ඩස්ට්‍රි සමාගම් දැක්විය හැකිය.

දිනයේ සමස්ත විදේශ විකිණීම් මිලියන 57ක් ලෙස වාර්තා වූ අතර විදේශ මිල දී ගැනීම් මිලියන 78 ක් ලෙස සටහන් විය. ඒ අනුව සමස්තයක් ලෙස විදේශ ආයෝජකයන් රුපියල් මිලියන 21ක මිලදී ගැනීම් සිදුකර තිබිණි. විදේශ ආයෝජතයකයන් කොටස් මිල දී ගත් ප්‍රධාන සමාගම් වන්නේ හේමාස් හෝල්ඩින් සමාගම, ටෝකියෝ සිමෙන්ට් සහ ලංකා වෝල් ටයිල්ස් සමාගම් වේ. විදේශිකයන් කොටස් විකුණූ සමාගම් අතර සිලෝන් ටුබැකෝ, පීපල්ස් ලීසිං, ඩයලෝග් ආසියාටා සමාගම් දැකිය හැකිය.

අද දිනයේ සමස්ත ගනුදෙනු පිළිබඳ සළකා බැලීමේ දී මුළු මහත් ලෝකයේ ම කොටස් වෙළෙඳ පොළ අතර ශ්‍රී ලංකා කොටස් වෙළෙඳ පොළ හැරෙන්නට ලන්ඩන් කොටස් වෙළෙද පොළ, චීනයේ ෂැංහයි කොටස් වෙළෙඳ පොළ සහ ජකර්තා කොටස් වෙළෙඳ පොළ පමණක් සමස්ත කොටස් මිල දර්ශකයේ ඉහළ ගොස් ඇති අතර නිව්යෝර්ක්, බොම්බේ, හොංකොං, ටෝකියෝ සහ සිංගප්පූරු කොටස් වෙළෙඳ පොළ සියල්ල සමස්ත කොටස් ‍මිල දර්ශකය මිල පහළ යාමක් වාර්තා වී තිබේ.

2021 වර්ෂයේ ආරම්භයේ සිට අද දිනය දක්වා සමස්ත ලෝකයේ ම කොටස් වෙළෙඳ පොළ අතරින් සියලු කොටස් මිල දර්ශකයේ වැඩිම වර්ධනයක් පෙන්වා ඇත්තේ MSCI කොටස් වෙළඳ පොළ 14% ද, නිව්යෝර්ක් කොටස් වෙළෙඳ පොළ 13% ද, කොළඹ කොටස් වෙළෙඳ පොළ 11%ක් ද වශයෙනි. ඒ අනුව ප්‍රධාන කොටස් වෙළෙඳ පොළවල් 11ක් අතුරින් කොළඹ කොටස් වෙළෙඳ පොළ කොටස් මිල ඉහළ යාම අතරින් තුන්වැනි ස්ථානයට පත්ව තිබේ.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!