-5.9 C
New York

නිදහස් වෙළෙඳ කලාප PHIලාට තහනම් කලාප වෙයි. සෞඛ්‍ය නීති නොතකා වැඩ

Published:

නිදහස් වෙළෙඳ කලාප තුළ ඇති කර්මාන්තශාලා නිරීක්ෂණය සඳහා මහජන සෞඛය පරීක්ෂකවරුන්ට ඉඩ ලබා නෙදෙන බවත් මේ හේතුවෙන් කොරෝනා පොකුරු ඇතිවීමේ අවදානමක් ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගම‍යේ ලේකම් මහින්ද බාලසූරිය පවසයි.

ඔහු පවසන්නේ මෙම නිදහස් වෙළෙඳ කලාපයන්හි පිහිටි ඇඟළුම් කර්මාන්තශාලාවල සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් සේවකයන්ගෙන් වැඩ ගන්නා බවයි. මෙය බරපතල ගැටලුවක් බව ද සංචරණ සීමා පැවතිය ද කර්මාන්තශාලා විවෘතව තිබීම හේතුවෙන් සේවකයන් එහි පැමිණ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් පැය ගණනක් ගතකර යළි නිවෙස්වලට යාමෙන් ඔවුන්ගේ නිවැසියන් පවා අවදානමට ලක්වන බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් වහාම පියවර නොගතහොත් කොරෝනා මර්ධන කටයුතු අසාර්ථක වන බව ද මහින්ද බාලසූරිය වැඩිදුරටත් කියා සිටියේය.

Related articles

Recent articles

spot_img