-5.9 C
New York

රතන හිමි ඉල්ලා අස්වෙයි ? ඥානසාර හිමි පාර්ලිමේන්තුවට ?

Published:

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පක්ෂයේ එකඟතාවට එළැඹි ආකාරයට මන්ත්‍රීධූරයන් ඉල්ලා අස්වූ පසු එම පුරප්පාඩුව සඳහා බොදුබල සේනා ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත්කරන බව අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා පවසයි.

පක්ෂයේ සභාපතිවරයා ඩේලි මිරර් පුවත්පත සමඟ අදහස් දක්වමින් කියා ඇත්තේ පසුගිය මහා මැතිවරණයේ දී අපේ ජන බල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට පත්කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වූ බවයි. එම අර්බුදය විසඳීම සඳහාත් ගෞරවය උදෙසාත් තමන් වහන්සේ මාස 03ක් පාර්ලිමේන්තුව නියෝජනය කර  ඉන් ඉවත් වී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එම අවස්ථාව ලබාදීමට රතන හිමියන් එකඟ වූ බවයි.

ගලබොඩඅත්තේ ඥානසාර හිමි පවසා ඇත්තේ රතන හිමියන්ගේ කාලය මාස 03ක් නොව මාස 06ක්  වුව ද ගැටලුවක් නැති බවයි.

එම එකඟතාව අනුව අතුරලියේ රතන හිමි පසුගිය ජනවාරි 05 වැනි දින පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයේ දිවුරුම් දුන්හ. ඒ අනුව ලබන ජූලි 05 වැනි දිනට රතන හිමියන් ඉල්ලා අස්වීමට නියමිත මාස 06ක කාලය සම්පූර්ණ වෙයි.

අපේ ජන බලය පක්ෂයේ සභාපති සමන් පෙරේරා පවසන්නේ රතන හිමියන් ඉල්ලා අස්වූ පසු පුරප්පාඩුවන පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයට ගල‍බොඩඅත්තේ ඥානසාර හිමි පත්කීරමට පක්ෂය සූදානමින් සිටින බවයි.

Related articles

Recent articles

spot_img