-5.9 C
New York

බාලවයස්කාර දැරියක් ලිංගික සේවයේ යෙදවූ අයකු අත්අඩංගුවට

Published:

බාලවයස්කාර දැරියක් ලිංගික සේවයේ යොදවා මුදල් ඉපයූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්සේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. මෙම සැකකරු 15 හැවිරිදි දැරියක් ගල්කිස්සේ මහල් නිවාසයක රඳවාගෙන මාස 03ක පමණ කාලයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය දෙමින් ලිංගික සේවාවන් සඳහා වෙනත් පුද්ගලයන් වෙත මුදලට අළෙවි කර ඇතැයි පොලිසියට අනාවරණය වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසන්නේ මෙම දැරියගෙන් ලිංගික සේවා ලබාගත් පුද්ගලයන් සම්බන්ධයෙන් ද මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙන බවයි.

Related articles

Recent articles

spot_img